(ඩයනා උදයංගනී)
නිදහස් දින උළෙලේ දී ජනාධිපතිතුමා කළ කතාව හොඳ බව තමා පිළිගන්නා නමුත් වඩා වැදගත් වන්නේ කියන කතා නොව කරන ක‍්‍රියා යැයි එක්සත් ජාතික පෙරමුණු රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
වත්මන් රජය විවිධ කතා කියමින් හා මාධ්‍ය සංදර්ශන පෙන්වමින් ජනතා ප‍්‍රශ්න අමතක කරවන බව කී මන්ත‍්‍රීවරයා බොරු ප‍්‍රබන්ධ ගොතා ආණ්ඩු බලය ගැනීම පහසු වුවත්, ඒ බොරුවලින් රට ඉදිරියට ගෙනයාමට නොහැකි බව ද සඳහන් කළේය.
රජය විසින් නිදහස් කරන බව කී රණවිරුවන් නිදහස් දිනය දා හෝ නිදහස් නොකළේ මන්දැයි තමන් ප‍්‍රශ්න කරන බව ද පරණවිතාන මහතා කීවේය.
කරුණාරත්න පරණවිතාන මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ඕනේ ක්රියාවනේ. එහෙමනම් පටන් ගනිමු බටලන්ද. සැකකරුවන් පොලිස් අත් අඩංගුවට අරගෙන අනිත් හොර ගුල ඊට පස්සේ අධිකරණයට.
අනේ මහත්තයෝ, හෙළඋරුමේ කට්ටිය කිව්වේ මොනවද? කලේ මොනවද? කියලා රටම දන්නවා. ඒ නිසා තමයි රටේ ජනතාව පස්ස පැත්තට ගහලා ඔය කට්ටිය අයින් කලේ...
මංගලත් ඕකම කියලා තිබ්බ ට්විටර් එකේ...
හරි එහෙනම් පටන් ගනිමු අර දින 100 කතාවලින්.. මොකද කියන්නේ?
හිරේ ඉන්න අය නිදහස් කරන්න ජනාධිපතිට බලය තිබුණට රිමාන්ඩ් එකේ ඉන්න අය නිදහස් කරන්න බලයක් නෑ කියලා මෙතුමාට තේරෙන්නේ නෑ මම හිතන්නේ....
පරණවිතාන එකපාරටම මොකද මේ..?
වැඩ නොකර අනුන්ගේ දේවල් කියවන අය.. කවුරුවත් කියන්න ඕනි නැහැ.. හොඳනිසා තමයි පත්කර ගත්තේ...
නැතුව? නැතුව? ඔව්ව පළපුරුද්දෙන් කියන කතා.