(ජයන්ත සමරකෝන්)
72 වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 516 දෙනෙකුට මේ මස 4 වැනිදා නිදහස ලැබෙන බව බන්ධනාගාර මුලස්ථානය පවසයි.
බන්ධනාගාර ආයතන 30 කින් පමණ සුළු වැරදීමකට කෙටි කාලීන සිරදඬුවම් ලැබූ පිරිසක් මේ අතර වන බවද එම මුලස්ථානයේ උසස් නිලධාරීයෙක් පැවසීය.
මත්කුඩු, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්ත්‍රී දුෂණ, පැහැරගැනීම්,කප්පන් ගැනීම්, ඇතුළු බරපතල ඝණයේ වැරදි 30 කට සම්බන්ධ කිසිදු සිරකරුවෙකුට මෙදින නිදහස හිමි නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.
නීතිවිරෝධී මත්පැන් ජාවාරම ඇතුලුව සුළු වැරදි මත දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකිව සිරදඬුවම් විදින පුද්ගලයින් 516 ක ලැයිස්තුවක් මේ වන විට අධිකරණ අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම කිව්වත් පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න වේවි. මාධ්‍යයෙන් දැක්කනේ ලඟදි දවසක එක් අපරාධකරුවෙක් ගරු අධිකරණ පරිශ්‍රය තුළදීත් තවකෙකුට මරණ තර්ජනය එල්ල කරන හැටි. කොහොමද තියන හයිය. එළියට එන කට්ටිය ගැන ඉස්සරට වඩා ප්‍රවේශමෙන් බැලිය යුතු වෙනවා.
අර බළලුන්ට කුකුල් මස් දුන්නු කෙනාටත් නිදහස ලැබෙයිද? ඉක්මණින් නිදහස ලැබේවා කියලා කැළණි විහාරයේදී විශාල පින්කමකුත් පැවැත්වුවා කියලනේ කියන්නේ...
ලංකාවේ ශ්‍රම බලකායට අයත් මිනිස්සු... මොවුන් සමාජයෙන් බැහැරව සිරගතවී සිටින කාලය තුළද නැවත සමාජයට අනුගත වීමට සුදුසු ලෙස බලධාරීන් විසින් කටයුතු සිදුකර ඇතැයි සිතනවා...
දේශපාලුවන්ට හිතවත් අය කවදා විතර නිදහස් වෙයිද මන්දා...?
දැන් තමයි මරණ දඬුවම් කරුවන්ට මෛත්‍රීගේ අගය තේරෙන්නේ.
ඔය කට්ටියට අරයා නැහැ නේද?
ඔය ලිස්ට් එකේ “දු“ අකුරෙන් නම පටන් ගන්න කෙනෙක් ඉන්නවද? අනේ එයා පව්...,
අර දේවදත්ත හාමුදුරුවන් දේශනා කරපු පසේ බුදුහාමුදුරුවෝත් නිදහස් වෙයිද?
අනේ පව්..., අර අපේ හාමුදුරුවෝ කිව්ව කෙනාව නිදහස් කරන්න වෙන්නේම නැද්ද?