IMG-LOGO

නිදන්ගත රෝග තිබේ නම් පොලිසියට - නාගරික සංවර්ධන අධිකාරියට කියන්න

කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ට දිගුකාලීන රෝග තිබේ නම්, ඒ බව එම මහල භාර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරයාට දැනුම් දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග හෝ පිළිකා වැනි දිගුකාලීන රෝග සඳහා ඖෂධ ලබාගන්නා බව ඔවුන්ට දැන්විය යුතු වේ.

නම, වයස, ලිපිනය, බෙහෙත් ගන්නා ඖෂධහල හෝ රෝහලේ නම එම නිලධාරීන්ට ලබා දිය යුතු බවත්, ඔවුන් නිවසටම එම ඖෂධ ගෙනැවිත් දෙනු ඇති බවත්, කිසිම රෝගියෙකු නිවසින් බැහැරව නොයා යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය දන්වයි.

දිගුකාලීන රෝග සහිත අයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇතිබැවින් එම සංකූලතා හටනොගැනීමට ඖෂධ නිසි පරිදි භාවිත කළ යුතු බවද අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.



අදහස් (3)

නිදන්ගත රෝග තිබේ නම් පොලිසියට - නාගරික සංවර්ධන අධිකාරියට කියන්න

jagath liyanage Friday, 13 November 2020 12:06 PM

මෙච්චර දවසක් හිතාගෙන හිටියේ ලෙඩක් තියෙනවා නම් කියන්න ඕනෑදොස්තර කෙනෙක්ට කියලයි. අදයි දැනගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට හෝ පොලිසියට කියන්න ඕනේ කියලා. ස්තුතියි තිව්වට...

:       1       2

සිමියොන් Friday, 13 November 2020 12:17 PM

නාගරික සංවර්ධන අධිකාරියෙන් ලෙඩ ගොඩගන්නද? එහෙම නැත්නම් පස් දාලා වහලා දාන්නද දන්නේ නෑ.

:       1       1

D,k premasiri Saturday, 14 November 2020 03:28 PM

ජගත් සහ සිමියොන් මහත්වරුනි, හැමදාම සමච්චලයට ලක්කරන්න එපා. අද වැඩි අවදානම. නිදන්ගත රෝග තියෙන අයටයි. ඒ අයගේ ඛෙහෙත් ටිකක් ළගට ගෙනවිත් දෙනඑක කවුරු කළත් .... හොද දෙයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 527 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site