
කොළඹ මහ නගර සභා සීමාවේ නිරෝධායනයට ලක්ව ඇති නාගරික මහල් නිවාසවල පදිංචිකරුවන්ට දිගුකාලීන රෝග තිබේ නම්, ඒ බව එම මහල භාර පොලිස් නිලධාරියාට හෝ නාගරික සංවර්ධන අධිකාරියේ කළමනාකාරවරයාට දැනුම් දිය යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ අනුව, දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග, අපස්මාරය, හතිය, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග හෝ පිළිකා වැනි දිගුකාලීන රෝග සඳහා ඖෂධ ලබාගන්නා බව ඔවුන්ට දැන්විය යුතු වේ.
නම, වයස, ලිපිනය, බෙහෙත් ගන්නා ඖෂධහල හෝ රෝහලේ නම එම නිලධාරීන්ට ලබා දිය යුතු බවත්, ඔවුන් නිවසටම එම ඖෂධ ගෙනැවිත් දෙනු ඇති බවත්, කිසිම රෝගියෙකු නිවසින් බැහැරව නොයා යුතු බවත් සෞඛ්‍ය අමාත්‍යංශය දන්වයි.
දිගුකාලීන රෝග සහිත අයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇතිබැවින් එම සංකූලතා හටනොගැනීමට ඖෂධ නිසි පරිදි භාවිත කළ යුතු බවද අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දවසක් හිතාගෙන හිටියේ ලෙඩක් තියෙනවා නම් කියන්න ඕනෑදොස්තර කෙනෙක්ට කියලයි. අදයි දැනගත්තේ නාගරික සංවර්ධන අධිකාරියට හෝ පොලිසියට කියන්න ඕනේ කියලා. ස්තුතියි තිව්වට...
නාගරික සංවර්ධන අධිකාරියෙන් ලෙඩ ගොඩගන්නද? එහෙම නැත්නම් පස් දාලා වහලා දාන්නද දන්නේ නෑ.
ජගත් සහ සිමියොන් මහත්වරුනි, හැමදාම සමච්චලයට ලක්කරන්න එපා. අද වැඩි අවදානම. නිදන්ගත රෝග තියෙන අයටයි. ඒ අයගේ ඛෙහෙත් ටිකක් ළගට ගෙනවිත් දෙනඑක කවුරු කළත් .... හොද දෙයක්...