(අජන්ත කුමාර අගලකඩ)
අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස රඳවා සිටින අලි ඇතුන්, නඩත්තු කිරිමට හැකියාව ඇති පුද්ගලයන්ට හා විහාරස්ථානවලට ලබාදී දැනට පවරා ඇති නඩු කටයුතු අවසන් කිරිම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවී ඇත.
ඉකුත් රජය සමයේ අලි ඇතුන් 35 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන නඩු භාණ්ඩ ලෙස විවිධ ස්ථානවල රඳවා තබාගෙන සිටින අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණය හමුවේ නඩු 35 ක් සමඟ පවරනු ලැබ ඇත.
මෙම අලි ඇතුන් 35 දෙනා පින්නවල අලි අනාථාගාරයේ සහ උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, උන් රැක බලා ගැනීම සඳහා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට හා වනජීවි සංකරක්ෂණ දෙපාර්තමේන්තුවට දිනකට රුපියල් 251,000 ක් පමණ වැය කරන්නට සිදුව ඇතැයි පරිසර හා වනජිවි සම්පත් ඇමැති එස්.එම්.චන්ද්‍රසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.
මෙම අලි ඇතුන් පිරිස නඩත්තු කිරිමට යන වියදම දැරිය නොහැකි බැවින් හා පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවන බැවින් උන් හැකි ඉක්මණින් නිදහස් කළ යුතුව ඇතැයි ද ඇමැතිවරයා විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් පෙන්වා දී ඇත.
මෙම අලි ඇතුන් නඩත්තු කිරිමට හැකියාව ඇති පුද්ගලයන්ට හා විහාරස්ථානවලට දී දැනට ඒ සම්බන්ධයෙන් පවරා ඇති නඩු සමථයකට පත්කර ගැනීමට නිතිපති උපදෙස් ඉල්ලා ඇතැයි ද ඇමැතිවරයා දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මොනවද? අපේ රටේ කිසිම වැඩකට නැති දේශපාලුවන් සෙට් එක නඩත්තු කරන්න විතරක් මොනතරම් මුදලක් වැය වෙනවද?
ඔබතුමාලා මේ අහිංසක සතුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරනවා.
නියමයිනේ.
සතුන් නඩු භාණ්ඩ නොවේ. ඔවුන් අයිති වනයට ඔවුන් මුදා හරින්න.
විහාරස්ථානවලට දීපු අලි ඇතුන් ඔය අපුරුවට බලා ගන්නේ. මේ සතුන් බලා ගන්න යන වියදම් ඔය සතුන් කැලයෙන් අල්ලාගෙන ආපු අයගෙන් ගන්න.
දේශපාලකයන්ට තමන්ගේ කැමැත්තට නඩු අවසන් කරන්න, නඩු දාන්න, අත් අඩංගුවට ගන්න, අත් අඩංගුවට පත්වීම වලක්වා ගන්න, ඇප ලබා ගන්න, ඇප නොදී ඉන්න, වැරදි කරුවන් නිදහස් කරන්න, නිවැරදි කරුවන් වැරදිකරුවන් කරන්න, හිරේ යවන්න, හිරෙන් නිදහස් කරවන්න පුලුවන් නම් අනේ "කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්". පුදුම රටක් මේක.
විහාරස්ථානවලට දෙන්න ? එක විහාරස්ථානයක තියන් ඉන්න අලි පැටවකුට දස වද දෙන වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වල පහුගිය දිනවල පළකර තිබ්බ දැක්කේ නැද්ද ?
ඔය සතුන් අයිති මහා වනයට සහ පරිසරයට. ඔවුන්ව මහවනයට මුදා හරිනවා මිසක් මිථ්‍යාවෙන්, හිංසාවෙන් පිරුණු ස්ථානවලට ඔවුන් බාර දෙන එක මරනවට වඩා පවක්. උන් දිවි තියෙන තෙක්ම හිරකාරයින් වෙනවා.
මමත් කැමතියි අලියෙක් ඇතිකරන්න....
මේ සතුන් නැවත වනයට මුදාහැරීමයි විසදුම. මේ කැකිල්ලේ තීන්දු ගන්න අය මේ තැන් වලින් ඉවත් කල යුතුයි.
ඔය විදියටම නඩු භාණ්ඩ ලෙස තියෙන කාරෙකක් දෙන්න බැරිද අපිට? හොඳට නඩත්තු කරන්නම්...
අයියෝ ඉතින් ඔච්චර හිත අවුල් කරගන්න දෙයක් නැහැනේ.. හෙට, අනිද්දා මොකක් හරි මගුලක් කියලා ඒ නඩුත් වහලා දාවි. එතකොට අපහු ගෙදර ගෙනියන එකනේ... මොකට මෙහෙම වද වෙනවද..?