(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
ඊට අදාළ වාර්තාව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා විසින් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත පාර්ලිමේන්තු පරිශ්‍රයේදී බාර දෙනු ලැබීය.
නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල අනුව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදුකර තිබෙන්නේ 2012 වසරේදීය. එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2% කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ පුවතක් තිබුණා බියගමටත් ළමා රෝහලක් කියලා... ඉතින් ජනතාව පහසුකම් වැඩිවෙයි කියලා හිතෙන ප්‍රදේශවල පදිංචි වෙනවා...