(ඩී.ජී.සුගතපාල)
හිනිදුම දකුණ පිහිටි නුගගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන යාලගල සුමණජෝති හිමියන්ට නාඳුනන පුද්ගලයෙකු අද (26) භූමිතෙල් පොවා හිරිහැර කර ඇතැයි හිනිදුම පොලිසිය පවසයි.
උන්වහන්සේ අසල්වැසි පුද්ගලයෙකු සමග ගොස් හිනිදුම රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ මෙම හිමියන්, ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින තවත් හිමි නමක සමග අමනාපයෙන් පසුවන අතර එම හිමියන් සේනාසනයෙන් පිටත්කර යැවීම සඳහා මෙය කරන්නට ඇතැයි සැක කරන බවය.
සිද්ධිය සම්බන්ධයෙන් ආරණ්‍යය අසළ පදිංචිකරුවෙකු සැක කරන බවට පැමිණිලිකාර හිමියන් පොලිසියට පවසා තිබේ.
හිනිදුම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර දුනුවිල මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා හිටියානම් ඔහොම වෙන්නේ නෑ. තාම සිරිමාමා නිසා තමයි ඔහොම වෙන්නේ..
ඇතැම් චීවරධාරීන් බුදුවදන් පසෙකලා වෛරය, ක්‍රෝධය පතුරවන්න වන විට රට ආධ්‍යාත්මිකව පිරිහෙන එක පුදුමයක් නොවේ.
සසර කෙටිකර ගැනීමට භාවනාව සඳහා කැලයට ගියත් තණ්හාව තිබෙන බව පෙනේ. එහෙම නැත්නම් මෙම ආරණ්‍යය තිබෙන ඉඩමේ වටිනා ගස් කොළන් තියෙනවා ඇති. ඒවා කපා ගැනීමට සැලසුමක්ද සොයා බලන්න. අනේ මෙහෙම තණ්හාවක්.., අනේ මෙහෙම ආශාවක් කියලා තමයි කියන්න වෙන්නේ..
රටේ මොනවා වුනත් ඒ හැම එකක්ම දේශපාලනිකව දකින මිනිස්සු ඉන්නේ.. තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබුණත් ඒකටත් ඔහොම කියයිද දන්නෑ..