(නාලක සංජීව දහනායක)
තම ධූර කාලය තුළ අපේක්ෂිත ප්‍රධානතම කාර්යය බිඳවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) විදෙස් නියෝජිතයෝ හමුවේ පැවැසීය.
මෙරට සංචාරයක නිරත ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය, චීන රජයේ විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් සහ ජපාන විදේශ අමාත්‍ය කොසේ යමමතෝ යන මහත්වරුන් සමඟ අද පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ එම විදෙස් නියෝජිතයෝ සඳහන් කර සිටියේ රජය ආරම්භ කර තිබෙන ආර්ථික ප්‍රථිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තම උපරිම සහය ලබාදෙන බවය.
තැති ගැන්මට ලක්ව තිබූ සමාජය සහ ජන ජීවිතය යතා තත්ත්වයට පත්කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සම්බන්ධයෙන් විදෙස් නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයාට තම ප්‍රශංසාව පළ කළහ.
එමෙන්ම සෑම ක්ෂේත්රයක්ම කඩිනමින් සංවර්ධනය කරමින් රට ඉදිරියට ගෙනයාමේ ජනාධිපතිවරයාගේ අපේක්ෂාවට පූර්ණ සහය ලබාදෙන බවට ඔවුහු ප්‍රතිඥා දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහතික ඇත්ත... ඔබතුමා එ්ක කළොත් ඔබට පින්...