
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුව නිසා ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සහ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැඩි නායයෑමේ අවදානමට ලක් වු ප්‍රාදේශීය රෝහල්හි වත්මන් ක්‍රියාකාරීත්වය, ප්‍රගතිය සහ ඉදිරි ප්‍රතිස්ථාපන කටයුතූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් මහත්වරු ප්රමුඛ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයෝ මීට සහභාගී වූහ.
ඒ අනුව බදූල්ල දිස්ත්‍රික්කයේ වතු ආශ්රිත ජනතාවට සහ දුෂ්කර ගම්මාන රැසකට මූලික, බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවා සපයනු ලැබූ, නාය යෑමේ අවදානමට ලක්ව රෝගී ප්‍රතිකාර සේවාවන් සීමා කර පවත්වාගෙන යනූ ලබන ස්ප්‍රිංවැලි සහ සිල්මියාපුර ප්‍රාදේශීය රෝහල් මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිදුල, උතුරු මැදකුඹුර යන ප්‍රාදේශීය රෝහල් මෙහි දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නිරීක්ෂණයට ලක් විය.
එම රෝහල් වලට අමතරව බදුල්ල දිස්ත්‍රික්කයේ තණමල්විල ප්‍රාදේශීය රෝහල, ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ දික්ඔය දිස්ත්‍රික් මූලික රෝහල යන සෞඛ්‍ය ආයතනවල වත්මන් ප්‍රගතිය ද සමාලෝචනයට ලක් කෙරිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd