(මොහොමඩ් ආසික්)
මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන් සියලු දෙනාට කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර ඇති බව ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා අද (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහිදී දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තව දුරටත් ප්‍රකාශ කළේ මෙම පහසුකම අදියර තුනකදී ලබා දී ඇති බවත් එහි පළමු අදියර වශයෙන් ශ්‍රී දළදා මාළිගාවට ඇතුළු වන සියලු දෙනාගේ දෑත් දෝවනය කර ගැනීමට සහ මුහුණ සෝදා ගැනීමට අවශ්‍ය පහසුකම් ලෙස ජලය, විෂබීජ නාශක සහ සබන්වැනි දෑ පළමු අදියර වශයෙන් සපයා ඇති බවත්, දෙවැනි අදියර වශයෙන් දේශිය වෛද්‍ය වට්ටෝරුවක් අනුව නිෂ්පාදනය කරනු ලැබූ විෂබීජ නාශකයක් අවශ්‍යතාවය පරිදි ලබා දෙන බවත් කීය. මෙමගින් අවශ්‍ය නම් මුහුණ පවා පිරිසිදු කරගැනීමට හැකි බවද දියවඩන නිලමේ තුමන් කීය.
මාළිගාව තුලට දානමාන රැගෙන යන සියලු බැතිමතුන්ටත් මේ අවස්ථාව සලසාදී තිබෙන බවත් දියවඩන නිළමේ නිලංග දෑල මහතා පැවසීය.
තෙවැනි අදියර වශයෙන් දළදා මාළිගා පරිශ්‍රය තුළ රැඳිසිටින විශාල බැතිමතුන් පිරිසක් සිටින බවත් ඒ නිසා දේශීය පැරැණි බෙහෙත් වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කර දූමායනයක් මුළු දළදා මාළිගාව පරිශ්‍රය තුළම සිදුකරන බවත් කීය. මෙවන් කටයතු මගින් දළදා මාළිගා පරිශ්‍රයේ සියලු බැතිමතුන්ට බියෙන්, සැකයෙන් තොරව වන්දනාමාන කිරීමට හැකි පරිදි විශේෂ අවධානය යොමු කර සකස් කර ඇති බවත්, දළදා මාළිගාවට පැමිණෙන සියලු බැතිමතුන්ට බියෙන් සැකෙන් තොරව දළදා වහන්සේ වැඳපුදාගන්න අවස්ථාව ඇති බවද දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදී තව දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම කෙනෙකුගේම ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇතුල් කරගත යුතුයි. මෙය පහසුවෙන් කළ හැකි දෙයක්.
ඔය ඉංග්‍රීසි බෙහෙත් වැඩක් නැහැ. මේ ලෙඩවලට සිංහල බෙහෙත් තමයි හොඳ. අනිත් එක පිරිත් කියන එක... පිරිත් වලට ඕන ලෙඩක් නැතිවෙනවා. ඒ නිසා හැමෝම බුදු බණ අහලා පිරිත් නූල් බැඳගන්න.
පන්සල නිතරම ජනතාව එක්ක ඉන්නවා කියලා දළදා මාලිගාවෙන් දීලා තියෙන පණිවුඩය ඉහලින්ම අගය කරනවා. රටටත් ජනතාවටත් ප්‍රශ්නයක් ආවහම පැනලා දුවන්නේ හෝ පන්සලේ දොරවල් වහන්නේ නැතුව දළදා මාලිගාවට එන දෙස් විදෙස් ජනතාවට කොරෝනා රෝගයෙන් වළකින සෞඛ්‍ය ආරක්ෂක විධි සලස්වා තියෙන එක ගැන සිංහල බෞද්ධයෙක් විදිහට ආඩම්බර වෙනවා. අපේ දේශීය බෙහෙත් වර්ග වලින් ඕනෑම බෝවෙන රෝගයක් පැතිරීම වලක්වා ගන්න පුළුවන්. දේශීය පැරැණි බෙහෙත් වට්ටෝරුවකට අනුව හදපු මේ විශේෂ දුම්කුඩු වර්ගයත් ටිකක් හරි මිනිස්සුන්ට ගන්න තියෙනව නම් හොඳයි. කොහොඹ කොළ දුම් නම් ගෙවල් වලත් අල්ලනවා විෂබීජ නැති කරන්න.
බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා වහන්සේව ආරක්ෂා කර ගැනීමට නම්, දානමාන රැගෙන එන බැතිමතුන් හා මාලිගාව තුළ තේවාවන් සිදුකරන අයවලුන් හැර පිටතින් පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට හා විදේශිකයන්ට යම්කිසි කාලසීමාවක් වසාදමන්නේ නම් කාලෝචිතය යනු මගේ හැගීමයි. ලෝකයේ හා අප රටේ ඇතිවී තිබෙන අවදානම් තත්වය සෑම තිබෙන බෞද්ධයෙකුම තේරුම් ගනිත්වා !
එයට වඩා මිනිස්සු එනඑක නවත්වමු. මේ දවස් වල ගෙදර ඉඳලා බුදුන් වඳිමු.