IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


දෙහිවල සතුන් වත්තෙන් පරවියන් 32ක් අතුරුදන්



(සුජිත් හේවාජුලිගේ)

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ   පරවියන්  තිස් දෙදෙනෙකු සොරකම් කර ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.

ඉකුත් 4  වැනිදා  අලුයම් කාලයේදී මෙම සොරකම සිදුවී ඇති බව ජාතික සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ එච්.ඒ.ඩී.පී සමන්මලී  මහත්මිය දෙහිවල පොලීසියට පැමිණිලි කර ඇත.

ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ පරවියන් 63 දෙනෙකු පසුගිය ජුනි මාසයේදී පොලිසියට බාරයට ගෙන තිබූ අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි එම පරවියන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදී තිබිණ.

නැති වූ පරවියන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවී නොමැත.දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (2)

දෙහිවල සතුන් වත්තෙන් පරවියන් 32ක් අතුරුදන්

Mahesh Monday, 06 October 2025 04:36 PM

ඇත්තටම ඔය පරවියෝ නෙමේ. ඔවුන් සමහර මිනිස්සුන්ට ඔවුන්ගේ ජිවිතේ, ඔවුන්ගේ ආත්මේ. ඉතින් හොරකම් නොකර ඉදීද?

:       1       3

ගුණරත්න Tuesday, 07 October 2025 10:50 AM

ආණ්ඩුව ආවා කියල හොරකම් අඩුවක් නැහැ, අයිස් ඇල්ලුවා කියල මහා ගෝසාවක් කලත් දැන් ඒ සද්දෙත් නතර වෙලා, අපි දන්නවා ඒ ඇයි කියල. මත්ද්‍රව්‍ය වැටලීම් කරගෙන යන අතරතුරේ හදීසියේම මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති මාරු කරන්න තරම් ආණ්ඩුව බය වුනේ මොකකටද?

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 110 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2034 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site