
(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පරවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇතැයි දෙහිවල පොලීසිය පවසයි.
ඉකුත් 4 වැනිදා අලුයම් කාලයේදී මෙම සොරකම සිදුවී ඇති බව ජාතික සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ එච්.ඒ.ඩී.පී සමන්මලී මහත්මිය දෙහිවල පොලීසියට පැමිණිලි කර ඇත.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට නීති විරෝධීව රැගෙන එමින් තිබූ පරවියන් 63 දෙනෙකු පසුගිය ජුනි මාසයේදී පොලිසියට බාරයට ගෙන තිබූ අතර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි එම පරවියන් දෙහිවල ජාතික සත්වෝද්‍යානයට භාරදී තිබිණ.
නැති වූ පරවියන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණයවී නොමැත.දෙහිවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඔය පරවියෝ නෙමේ. ඔවුන් සමහර මිනිස්සුන්ට ඔවුන්ගේ ජිවිතේ, ඔවුන්ගේ ආත්මේ. ඉතින් හොරකම් නොකර ඉදීද?
ආණ්ඩුව ආවා කියල හොරකම් අඩුවක් නැහැ, අයිස් ඇල්ලුවා කියල මහා ගෝසාවක් කලත් දැන් ඒ සද්දෙත් නතර වෙලා, අපි දන්නවා ඒ ඇයි කියල. මත්ද්‍රව්‍ය වැටලීම් කරගෙන යන අතරතුරේ හදීසියේම මත්ද්‍රව්‍ය කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති මාරු කරන්න තරම් ආණ්ඩුව බය වුනේ මොකකටද?