(තිලකරත්න දිසානායක)

ගම්පහ  දිස්ත්‍රික් මහ රෝහලෙහි රථගාලෙහි නතරකොට තිබූ හදිසි කැඳවුම් විශේෂඥ වෛද්ය වරයෙකුගේ මෝටර් රථයක් බලෙන් විවෘත කොට එහි තිබූ යතුරක් රැගෙන ගිය රෝහල් කොන්ත්රාරත්කරුකු අත් අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව  ගම්පහ මූලස්ථාන පොලීසිය කියයි.

හදිසි රෝගියෙකු පරීක්ෂා කිරීම පිනිස ඉකුත් සිකුරාදා (18) රාත්‍රී 8.30 ට පමණ  රෝහලට පැමිණ ඇති විශේෂඥ වෛද්‍යවරයා මෝටර් රථය, රථ ගාලෙහි නතර කොට රෝහල තුලට ගොස් ඇති අතර මද වේලාවකින් රථගාල වෙත පැමිණ ඇති රෝහලෙහි නඩත්තු කටයුත්තක් සිදු කරන කොන්ත්‍රාත්කරු , වෛද්‍යවරයාගේ  රථය තම රථයට අවහිරවන සේ තිබීම මත වෛද්‍යවරයාගේ රථය බලෙන් විවෘත කොට එය පසෙකට තල්ලුකර දමා ඔහුගේ රථය රැගෙන ගොස් ඇත.

පසුව රථය වෙත පැමිණි වෛද්‍යවරයා තම රථය තල්ලු කොට තිබීම පිළිබඳව සොයා බැලීමේදී රථය තුල තිබූ තම රෝහල් කාමරයෙහි යතුරද නොමැතිවීම මත පසුව මේ සම්බන්ධයෙන් රෝහල් ආරක්ෂක අංශය වෙත දැනුම්දීමෙන් අනතුරුව වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගත් බව පොලීසිය සඳහන් කරයි. 

වෛද්‍යවරයාගේ  මෝටර් රථය බලහත්කාරයෙන් විවෘත කිරීම සහ ඒ තුල තිබූ යතුරක් අස්ථානගතවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම පිනිස සැකකරුට පොලීසියට පැමිණෙන ලෙස දැනුම්දී ඇතත් අද (20) වනතුරුත් නොපැමිණීම මත සැකකරු අත් අඩංගුවට ගැනීම පිනිස පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ සහකාර පොලිස් (1) අධිකාරී තුසිත කුමාර මහතා පැවසීය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්්‍ය පොලිස්පති දේශබන්දු මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත උතුර බාර නියෝජ්යම පොලිස්පති මහින්ද දිසානායක මහතා සහ ගම්පහ කොට්ඨාසය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා යන මහත්වරුන් ගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන ප්රපධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ මෙහෙයවීමෙන් වැඩි දුර පරීක්ෂණ සිදු කෙරෙන බව පොලිසිය කියයි.