
(නිමල කොඩිතුවක්කු)
2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බවට විරෝධය පළකරමින් අද (7) උදෑසන 8.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවේන් පසු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හදිසි විධායක කමිටු රැස්වීමක් කැඳවා මෙම තීරණය ගත් බව එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසීය.
සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පෙරවරුවේ පැය දෙකකට අධික කාළයක් පැවැති සාකච්ඡාවෙන් තම ගැටලු වලට සාධනීය විසදුමක් නොලැබුන බවත් ඔහු සඳහන් කළේය.
මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුලු සෞඛ්‍ය බලධාරීන් ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධනීය කියන්නේ තව ටිකක් සල්ලි එකතු කරගන්න එක තමයි. මොවුන් තමයි සල්ලි පෙරේතයෝ... අපේ රටේ තවත් නැ. අනිත් එක.... රටේ ජනතාවගේ සෞඛ්‍යය ඇපයට අරගෙන වර්ජනය කරන මේ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තහනම් කළ යුතුයි.
බාල බෙහෙත් දෙද්දී මේ අය කොහේද හිටියේ?
ආණ්ඩුව මේ අයට ඉඩ නොදිය යුතුයි . ඇන් . ඇම් පෙරේරා බැංකු වර්ජයනය නවත්තපු හැටි සලකා බලන්න .