IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


දූෂණ විරෝධී කාර්යාලයක් ගැන මලික් දැනගෙන ඉඳලා නෑ

(දසුන් රාජපක්ෂ)

යහපාලන ආණ්ඩුව සමයේ දූෂණ විරෝධී කමිටු  කාර්යාලයක් ස්ථාපිත කර තිබුණේදැයි තමා නොදන්නා බව එක්සත් ජාතික පක්ෂය පක්ෂයේ හිටපු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් අද (28) ප්‍රකාශ කළේය.

එම පාලන සමයේ තමා සිදුකළේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාගේ ව්‍යාපෘතිවලට අදාල ආර්ථික උපදේශ ලබාදීම බව ද මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේය.

මලික් සමරවික්‍රම මහතා මේ බව කියා සිටියේ සංචාරක සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන ඩී.එස්. ජයවීර මහතා මෙම කොමිසමට කළ පැමිණිල්ලක වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් සාක්ෂි ලබාදෙමිනි.

මලික් සමරවික්‍රම මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීමට ඇති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල එහිදී දන්වා සිටියේය. එම හරස් ප්‍රශ්න ඇසීම ඔක්තෝබර් 6 වැනි දින සිදු කරන ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.



අදහස් (3)

දූෂණ විරෝධී කාර්යාලයක් ගැන මලික් දැනගෙන ඉඳලා නෑ

Raveendra Monday, 28 September 2020 07:51 AM

මේ තුන්ලොකේම වෙන දේවල් හොඳාකාරවම සොයා බලන සහ මනාලෙස අවධානයෙන් සිටින මම දැන් ඇස් ඇරලත් නැති තාමත් තොත්ත බබා ...

:       0       12

thushara Monday, 28 September 2020 08:06 AM

ඕවා මොනවාද? සමහරු තමන්ගේ නෝනට ගෙවල් අරන් දුන්නා කියලවත් නොදැන හිටියේ..

:       0       12

සමිතා Monday, 28 September 2020 08:29 AM

මේ කට්ටිය නිසා තමයි රනිල්ටත් ගෙදර යන්න සිද්ධ වෙච්ච ලොකු හේතුවක් උනේ. මේ උදවිය. රනිල් නිසා උඩට ඇවිත් අන්තිමට බෙල්ල කපල යනවා.

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site