( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශ පිළිබද අධ්‍යයනය කිරීමට ජනාධිපතිවරයා වෙනම කොමිසමක් මේ වන විට පත් කර ඇති බවත් , ඒ අනුව එම කොමිසම අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබද කරුණු සලකා බලමින් සිටින බව ජනාධිපති නීතී අධ්‍යක්ෂක ජනරාල්වරයා අද (30) අභියාචනාධිකරණයට දැන්වීය.
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාසහ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා ගොනු කළ රිට් පෙත්සම් දෙක කරුණු තහවුරු කිරීම අද අභියාචනාධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ජනාධිපති නීතී අධ්‍යක්ෂක ජනරාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා මේ බව පැවසීය.
මෙම පෙත්සම් අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ විනිසුරු මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
ඒ අනුව මෙම පෙත්සම් ලබන මැයි 12 වැනිදා සලකා බැලීමටද එම විනිසුරු මඩුල්ල තීරණය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට නම් කොමිසමයෙන් නන්දසේන කියලා නමක් දාන්නම ඕනෑ. පත්කරන කොමිසම් ගැන දැක්කාම... අපේ සල්ලි කාබාසිනියා කරනවා.
මේවා කරලා ඉවර වෙන්න කළින් දෙයියෝ මේවා කරපු අයට දඬුවම් දීලා ඉවරයි.
මෙහෙම එකක් පත් කළ බව කිසිම තැනක කියවුනේ නැහැනේ... මට හිතෙන්නේ මානව හිමිකම් පරාජයත් සමග රජය මේ කටයුත්තේදී පියවරක් පස්සට අරගෙන වගේ...
දැන් ආණ්ඩුව දුවන්නේ කොමිෂන් වලින්...