(මහින්ද නිශ්ශංක)
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර බාරගැනීම ආරම්භ වූ ඊයේ (12) පිළිගත් දේශපාලන පක්ෂ දෙකක් සහ ස්වාධීන කණ්ඩායම් 5 ක් නාමයෝජනා පත්‍ර බාර දුන් බව මැතිවරණ කොමිසම පවසයි.
ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂය කළුතර හා ගාල්ල දිස්ත්‍රික්ක දෙක සඳහා ද ජනසෙත පෙරමුණ යාපනය හා වන්නි දිස්ත්‍රික්ක දෙක සඳහා නාමයෝජනා බාරදුන් බව කොමිසම පවසයි.
මෙයට අමතරව ස්වාධීන කණ්ඩායම් පහක් මහනුවර, මාතලේ, යාපනය, පුත්තලම හා බදුල්ල දිස්ත්‍රික්කවලට නාමයෝජනා බාරදී තිබේ.
මීට අමතරව ඊයේ (12) වන විට ස්වාධීන කණ්ඩායම් 120 ක් ඇප තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සැරේ ඡන්දෙට ඉදිරිපත්වන මේ ස්වාධීන කණ්ඩායම් වලින් සහ සුළු පක්ෂ වලින් ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ රාජසන්තක වන ඇපවලින් රටේ තිබෙන ණය ගෙවා රට දියුණු කල හැකිය.