(ඔගස්ටින් ප්‍රනාන්දු)
දිවයින වටා මුහුදෙහි ගල්පර හා කොරල් පර විනාශ කරමින් පැටලී ඇති නයිලෝන් හා තංගුස් දැල් ඉවත් කර පිරිසිදු කිරිමේ වැඩ සටහනක් අද (18) දවස පුරා හලාවත අඹකදවිල මුහුදු ප්‍රදේශයෙහි සිදු කරන ලදී.
නව රජයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාව අනුව මත්ස්යය අස්වැන්න ඉහළ නංවා ගැනීමේ අරමුණින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මේ අනුව දිවයින වටා මුහුදු කාලය තුළ ගල්පර හා කොරල්පර පිරිසිදු කිරිම ක්‍රියාත්මක කිරීමේ කටයුතු යොදා ඇති අතර මෙහි මූලාරම්භය ලෙසින් අඹකදවිල මුහුද පිරිසුදු කිරීම රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. හලාවත වැඩ සටහන සංවිධනය කර තිබුණේ හලාවත නියෝජ්‍ය ධීවර අධ්යක්ෂ අනුර ජයසේකර මහතායි.
මුහුදෙහි කිලෝමීටර් 3ත් 10 ත් අතර ඇති ගල්පරයන්හි හා කොරල් පරයන් පිරිසිදු කිරිම පිණිස කිමිදුම්කරුවන් 50ක් එක් දින යාත්‍රා 30 ක් යොදවා තිබුණි. ගල්පරයන්හි පැටලී තිබු විවිධ වර්ගයේ දැල්කැබලි මෙහිදි ගොඩගෙන විනාශ කර දැමීමට පියවර ගෙන තිබුණි.
කිමිදුම්කරුවන් සමඟ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා මහතා කිමිදෙමින් පැටලි තිබු දැන් වර්ග ගොඩ ගැනිමටද එක්ව සිටියේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා අගයකළයුතු වැඩක්..., මින් ඉදිරියට ගල් උඩ දැල් එළීම තහනම් කිරීම වටී...
හොඳ වැඩක්, ඒ සමගම මුහුදු වෙරළත් පිරිසිදු කළොත් වඩා හොඳයි. තවත් දෙයක් මම කියන්නම් රට පුරා සියලුම හන්දි, මංසන්දි වල නිදන්ගත කුණු ගොඩවල් ඉවත් කරලා, කොන්ක්‍රීට් තහඩු ගලවා කාණු ටික පිරිසිදු කරවන්නේ නම් ගොඩක් වසංගත රෝග පැතිරයාම වළක්වා ගන්න පුළුවන්....
අගය කයුතු වටිනා ක්‍රියාවකි. එමෙන්ම ගොඩබිම වාසය කරන සතුන්ට හා මිනිසුන්ට නිදහසේ ජීවත් වීමට තිබෙන අයිතිය ගැන නොතකා ක්‍රියාකරන මිනිසුන්ට ඒ වරදවල් පෙන්වා දීම හා පිළිනොගන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමද කළයුතුය. පාරවල් අයිනේ සහ හන්දිවලට කසල ගෙනැවිත් දැමීමත් සතුන්ට හා මිනිසුන්ට නිදහසේ ආශ්වාස කිරීමට තිබෙන වාතාශ්‍රය දූෂණය වන ලෙසින් ප්ලාස්ටික් පොලිතීන් වැනි දේ පිළිස්සීමත් කරන අයට එරෙහිව ක්‍රියා කිරීමත් සිදුවිය යුතුය. පොලිස් ස්ථානවලද පරිසර ඒකක පිහිටුවා තිබුණත් මේවා හරිහැටි අධීක්ෂණය වන බවක් නම් අපට නොපෙනේ.
අගය කරමි...!!!
මුහුදු පතුලේ පිරිසිදු කිරීමේ වැඩසටහන හොඳයි. සුන්බුන් ඉවත් කිරීම වටිනවා. එය නීති විරෝධී නොවේ. ලෝක උරුමයකි
ඉතාමත්ම අගය කළ යුතු ක්‍රියාවක්.