(සුජිත් හේවාජුලිගේ )
කටුනායක දෙවන පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කරන ජපන් සමාගමට ඉන්ධන සැපයිමට මෙරට ඉන්ධන තොග ගබඩාකරුවන් (Oil bunkering) එකඟතාව පළ කර ඇත.
ගබඩාකරුවන් ඉන්ධන සැපයීමට මෙසේ එකඟවී ඇත්තේ වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් කළ විශේෂ ඉල්ලීමක් අනුවය.
කටුනායක ගුවන් තොටුපොළ දෙවන පර්යන්තය ඉදි කිරීමේ නිරත ජපානයේ ටායිසෙයි කෝපරේෂන් සමාගම ඉන්ධන ලබා ගැනීමේ අර්බුදයට මුහුණදී සිටින හෙයින් එම ඉදිකිරීම් කටයුතු කාලයක් තිස්සේ මන්දගාමීව පැවතිණ.
තමන්ට දෛනිකව ඉන්ධන ලීටර් 13,000 අවශ්‍ය බව ටායිසෙයි සමාගමේ ජ්‍යෙෂ්ඨ පරිපාලන කළමනාකරු සුමියෝ තකහාෂි ( Sumio Takahashi) මහතා ඇමැතිවරයාට පෙන්වා දුන්නේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය හා වර්තමාන ඉන්ධන අර්බුදය හේතුවෙන් එම පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු බරපතළ ලෙස ප්‍රමාදවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සමග පසුගියදා සාකච්ඡා කළ බවයි.
ඉන්ධන සැපයීමට පොරොන්දුවූ මෙරට ඉන්ධන තොග ගබඩාකරුවන්ට ස්තූතිය හා ප්‍රණාමය පුද කරන බවද අමාත්‍යවරයා පැවසීය.
ඒ අනුව දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් කඩිනමින් නිම කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා ජපාන සමාගමේ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙම සාකච්ඡාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එච් රුවන්චන්ද්‍ර ,ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි, ජපානයේ ටායිසෙයි කෝපරේෂන් සමාගමේ නියෝජිතයන් ද අයි.ඕ.සී.සමාගම ඇතුළු මෙරට ඉන්ධන තොග ගබඩා සමාගම් නියෝජිතයන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දෙවෙනි පර්යන්තයේ ඉදිකිරීමට ඉන්ධන ඇමතිගෙන්
දාස Friday, 01 July 2022 02:26 PM
මුත් පගා රජෙක්