(රංජිත් රාජපක්ෂ)
සිය දරුවන් දෙදෙනා නිරුවත් කර ගස් බැද ඇගට මිරිස් කුඩු දමා අමානුෂික ලෙස වද හිංසා සිදු කළ පියා හැටන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර කිරිමට දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ඒ.එල්.හෙට්ටිවත්ත මෙනවිය අද (03) නියෝග කළාය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකි.
සැකකරු ඊයේ (02) පස්වරුවේ බිමත්ව නිවසට පැමිණ බිරිදට පහර දි දරුවන් දෙදෙනා ගසක බැද දරුවන් දෙදෙනාගේ ඇගට මිරිස් කුඩු ඉස අමානුෂික ලෙස වද හිංසා සිදු කිරිම හේතුවෙන් හැටන් පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
ගෙන වද හිංසාවට ලක් වු දරුවන් දෙදෙනා සහ මව වෛද්‍ය වාර්තාවක් ලබා ගැනිම සදහා දික්ඔය මුලික රෝහලට ඇතුළත් කිරිමට පියවර ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd