
(අංජුල මහික වීරරත්න)
කාල්ටන් නිවසට පැමිණි දින සිට ගත වූ බොහෝ දිනයන්හි පොඩි දරුවන් වෙනුවෙන් දින චර්යාවෙන් කෙටි කාලයක් හෝ වෙන් ව තිබීම, දෛනිකව නැවුම් අත්දැකීමක් එක් කරන්නක් බව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තංගල්ලේ සිට සඳහන් කරයි.
"චිත්‍රයක් පෙන්වමින්, රස කතන්දර කියමින් සිටින දරුවන් අගයන ඔවුන්ගේ මිතුරා ලෙස මහින්ද රාජපක්ෂට කටයුතු කිරීමට ලැබීම සතුටට කරුණක්" යනුවෙන් ද ඔහු කියයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව කියන්නේ සිය නිල ෆේස්බුක් අඩවියේ සටහනක් තබමිනි.
"මාතෘ භූමියේ අඳුරු යුගය අවසන් කර නිදහස් රටක් දිනා දීමෙන් අප රටේ ආදණීය දරු පරම්පරාව වෙනුවෙන් මට ලබා දිය හැකි හොඳම දේ මා ලබා දී ඇතැයි සිතනවා. මේ රටේ දුවා දරුවන්ගේ සිනහවත්, සිහිනත් සැමදා මෙසේ ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කරමි.
එසේ දරුවන්ගේ සිහින රැක ගනිමින් අකුරුවලින් ලෝකය ද මිනිසත් බවින් ජීවිතය ද කියා දෙන පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා වූ සියලුම ගුරුවරුන් ද, දහම් අධ්‍යාපනය ලබා දෙන ගුරුවරුන් ද ඇතුළු සියලුම ආදරණීය ගුරු මව්වරුන් ද පියවරුන් ද ලෝක ගුරු දිනය යෙදෙන අද දිනයේදී මහත් ගෞරවයෙන් සිහිපත් කරමි, යනුවෙන්ද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මතු අනාගත දරුවන් වෙනුවෙන් මතින් තොර නැවුම් ලෝකයක් බිහිකරලා දුන්නට ගොඩක් පිං ඔබතුමාට...
අසමසමයි. චිරං ජයතු, දීර්ඝායු වේවා ජාතියේ අප්පච්චි...
හොර තිප්පොලකට වැටුණු ගිරා පැටවුන්ගේ කතාව මට මතක් වුණා. මේ ළමයින්ට හොරකම පිළිබදව ආභාෂයක් නොලැබේවා...
ඔබතුමාට පෝස්ටර් අලවපු චන්දෙට කැන්වසින් ගිය හැමෝටම රජයේ රස්සාවල් දුන්න අවශ්‍ය ප්‍රමනෙට වැඩිය 3 ගුණයක් රජයේ සේවකයෝ ඉන්නවා. උන්ව නඩත්තු කරන්න සහ ඔබ පවුලේ සහ ඔබ වට ඉන්න මිනිස්සු හොරකම් කරන ඒවාට සල්ලි හොයාගන්න අපිට තීරු බදු, වැට් බදු ගැසීම නිසා සාමාන්‍ය මිනිස්සුන්ට මේ රටේ ජීවත් වෙන්න බැරි වෙලා, ඔබලා ගත්තු ණයවලට වැල් පොලි හැදිලා... අපේ පරම්පරාවේ වර්තමානය , අනාගතය සහ ඔය පොඩි දරුවන්ගේ අනාගතයත් ඔබලා විසින් විනාශ කර හමාරය , ඔය දරුවන්ගේ මුණ දැක්කම ඔබට අබමල් රේණුවක තරම් දුකක් කණගාටුවක්, පසුතැවීමක් ඇති වෙන්නේ නැද්ද ?
එදා තාජුඩීන්ව ඝාතනය කරනවිටත් එතුමාට කුඩා දරුවෙක් හිටියා. ඒ වගේම එදා අලුත්ගමදී ඝාතනය කළ අහිංසක පියවරුන්ටත් ඒ වනවිට කුඩා දරුවන් හිටියා. කවදා හෝ කළ දේ පලදේවි...
ඇත්ත වශයෙන්ම මේ ළමයින්ටත් ඔවුන්ගේ මහ උන්දැලාටත් රටක් ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා. නිකම්ම රටක් නොව සංවර්ධිත රටක්. සති දෙකක මතකයක් පමණක් ඇති බහුතරයකට එය අමතක වීම රටේ අභාග්‍යයි. එහි ඵල විපාක අත්විඳින්නේ 2015 වසරේ සිටයි. එසේ නොවූවා නම් මේ වන විට අපගේ දළ දේශීය නිෂ්පාදනය කෙතරම්ද? පෝට් සිටිය වැනි විසල් නිර්මාණ කෙතරම් නම් ආර්ථිකමය හයියක් රටට ලබා දේද? අධිවේගී මාර්ග රට පුරාය. වැඩිම ප්‍රමාණයක් විදෙස් ණය ගෙවා දැමූ මේ මනුස්සයා විසින් මේ රට ණය කළා යැයි ප්‍රචාරය කරන මුග්ධ දේශපාලන රැලක් සහ ඒවා එලෙසම ගිල දමන මහජනයින් රැසක් සිටින රටක් බවට මෙරට පත්වීමේ අගතිය ඉතිහාසය විසින් යම් දිනෙක පෙන්වා දෙනු ඇත. නමුත් එවිට පමා වී වැඩිය....
අපි පොඩි කාලේ ඉස්කෝලේ ගියේ පණ බයේ, හැමතැනම බෝම්බ හින්දා. ඒ බය අපේ දරුවන්ට අද නැහැ. ඔබතුමාට ගොඩක් පිං අපිට ඒ සැනසීම දුන්නාට...
එහෙම කරන කොට තාජුඩීන්ව මතක්වුනේ එහෙම නැත්ද?
දැන් ඉතින් මොනවා කළත් ඔබලාට අනුකම්පාව දක්වන්න මේ සමාජය ලැහැස්ති නැහැ. රටකම ළමයින්ගේ අනාගතය ඔබලාගේ සුඛ විහරණය වෙනුවෙන් විනාශ කළ එවුන්...
පවු අර පුංච් දරුවෝ... මොවුන්ගේ අවවාද පිළිගත්තොත් මේ ළමයි කුඩ්ඩෝ තමයි...
දරුවනේ, අයිස් ක්‍රීම් දුන්නොත් ගන්න එපා...
රාජපක්ෂ දරුවෝ ගැන වෙන්ටෑ කියන්නේ මේ.
ගොඩක් උදවියට රටේ යුද්ධයක් තිබුණා කියලා මතක නැහැ. යුද්ධේ අවසන් කළේ ඔබතුමාගේගේ රිජු තීරන නිසා. කොතරම් බලවත් රටවලින් බලපෑම් ආවත්, ඔබතුම කෙලින් තීරණ ගත්තා යුද්ධේ නිමාවනතුරු ඉදිරියට කරගෙන යන්න.
ජනතාව රවට්ටපු මහ පාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු පවුලේ උන්ව කිට්ටු කරගෙන මහා පරිමාණ හොරකම් වංචා දූෂණ නාස්තිය කරපු ,ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කාළා. රටම බන්කොලොත් කරපු, බලලෝලි බඩගෝස්තරවාදියා. ආර්තික ගාතකයා.