(එෆ්.අස්ලම්)
දෙමළ ජනතාවගේ ජාතික නායකයා එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් බව තමන් නැවත නැවතත් ප්‍රකාශ කරන බවත් මියගිය කොටි සාමාජිකයින් ඇතුළු සියළු පිරිස් වෙනුවෙන් අඛණ්ඩව පහන් දල්වන බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.
තමන් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරාතුවම අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට බවත් තමන් එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝන දිනය වන කළු කොටි දිනය සමරනු ඇතැයි වූ බියසැක මත වැල්වැටිතුරෙයි පොලිසිය අත්අඩංගුවට ගත් බවත් සිවාජිලිංගම් මහතා සදහන් කළේය.
තමන් අත්අඩංගුවට ගැනීම පිළිබද අද (6) අදහස් දක්වමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
1987.07.05 වනදා තමයි එල්.ටී.ටී.ඊ සංවිධානයේ මරාගෙන මැරෙන බලඝනය (කළු කොටි) ආරම්භ වුනේ.එදින නිල්ලර් නැමති එල්.ටී.ටී.ඊ සාමාජිකයා තමයි යාපනය නෙල්ලිඅඩි හමුදා කදවුරට ප්‍රථම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කලේ.මේ නිසා තමයි ජුලි 05 වනදා කළුකොටි දිනය වශයෙන් සමරන්නේ.
මම කළුකොටි දිනය සමරන්න යනව කියල පොලිසියට තොරතුරක් ගිහින් තිබුණා.ඒ නිසා වැල්වැටිතුරෙයි පොලිසිය පේදුරුතුඩුව අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුවකට අනුව මාව අත්අඩංගුවට ගත්තේ. ඒ වරෙන්තුව නිකුත් කරල තියෙන්නේ 2018.11.26 දින තිරුවිල් ක්‍රීඩාංගණයේ දී කොටි නායක වේළුපිල්ලේ ප්රභාකරන්ගේ උපන් දිනය සැමරීම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට නොයාම නිසයි.ඒක සති කිහිපයකට කලින් නිකුත් කරපු වරෙන්තුවක්.ඒ වරෙන්තුව පොලිසිය ඊයේ ප්‍රයෝජනයට ගත්තා.
මම එක දෙයක් කියන්න කැමතියි.එල්.ටී.ටී.ඊය සටන් කළේ දෙමළ ජනතාවගේ නිදහස උදෙසා වූ නිදහස් දෙමළ ඊලමක් වෙනුවෙන්. ප්රභාකරන් දෙමළ ජනතාවගේ නායකයා නිසා තමයි ශ්‍රී ලංකා රජයේ අගමැතිවරයා පවා සාම ගිවිසුමකට අත්සන් කලෙත්. දෙමළ ජනතාවගේ ජාතික නායකයා වේළුපිල්ලේ ප්රභාකරන් පමණයි.දෙමළ ජනතාවගේ ඒ හැගීම වෙනස් කරන්න කිසිවෙකුටත් බැහැ.
අපි අද කියන්නෙත් දෙමළ ජනතාවගේ නිදහස තවමත් හිමිවෙලා නැහැ කියන එකයි. ඒ ජනතාවගේ නිදහස වෙනුවෙන් අප ප්රජාතන්ත්රවාදී අරගලයක තවමත් නිරතව සිටිනවා.දෙමළ ජනතාවගේ නිදහස තහවුරු කිරීමට ඔවුනව ගෞරවනිය ජාතියක් ලෙස ජීවත් කරවීමට නම් එම ජනතාවට තනිව තීන්දු ගත හැකි ස්වයං පාලන ව්‍යූහයකින් යුත් දේශපාලන විසදුමක් හිමිවිය යුතුයි.
අපි එදා වගේම අදත් අද වගේම හෙටත් හෙට වගේම අනිද්දත් ප්රභාකරන් ප්රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානයේ දිවිදුන් සාමාජිකයින් මෙන්ම මියගිය සිවිල් වැසියන් සිහිකර පහන් දල්වනවා.මියගිය කෙනෙක්ගේ ආත්ම ශාන්තිය වෙනුවෙන් පහනක් දල්වනව කියන්නේ වැරද්දක් නෙවෙයි.අපිව නවත්වන්න කාටවත් බැහැ. යැයිද සිවාජිලිංගම් මහතා සදහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමද? එහෙනම් අපායට ගිහින් අරගෙන එන්න..
ඔව් ඒ සාමගිවිසුම අත්සන් කළ අගමැතිවරයා බටහිර රූකඩයක් බවත්, රටකට අවශ්‍ය ශක්තිමත් නායකයෙක් නොව බියගුලු බවත් නොදන්නා කෙනෙක් නොමැත.
සිවාජිලිංගම් මහතා ඔබට ප්‍රභාකරන ලොකු වුණාට මේ රටේ බහුතර මහජනතාවට ත්රස්තවාදීන් පමණයි.. ඔබගේ නෑ හිතවතා වන ප්රභාකරන් ගැන ඔබට තිබෙන රුදාව අපට හොඳහැටි තේරෙනවා. ඒ වුණත් මියගිය කොටි හැතිකරය නැවත ඔය නිජබිම සොයාගෙන මිනී වලේන් නැගිටින්නේ නෑ. ඔබට කවදා හරි වෙන්නෙත් ඔබ වපුරාගත් දේ නෙළා ගැනීමට පමණයි. වෛරය ක්‍රෝධය, ලේ ගැලීම් ආදිය බෝම්බයෙන්, තුවක්කුවෙන් සොයන ඔබට ලැබෙනුයේ ද ඊට සරිලන පිළිතුරකි. ඔබගේ ඔය ඊළම පිහිටුවීමට හොඳම ස්ථානය තමයි තමිල්නාඩුව... එය තියෙද්දි අපගේ මේ පුංචි රටෙන් එය දීමට සුදුසු වන්නේ කෙසේද? සාමකාමීව සිටින අහිංසක දෙමළ ජනයා මිනීවලට ඇද දමන්නේ ඔබලා වැනි දුර්ගුණ ඇති දේශපාලකයින් බව බුද්ධිමත් දෙමළ ජනයා මේ වනවිට අවබෝධ කරගෙන සිටිනවා. ඔය කිසිඳු වැදගැම්මකට නැති දෙමළ කොල්ලන් ටිකක් ඔබ වටේ සිටිනවා. කොටින්ගේ කාලය ඉවරයි. ආයෙ මියගිය කොටි මිනීවළෙන් නැගිටිනවා බොරු. එබැවින් මේ රට විනාශ නොකොට අහිංසක දෙමළ ජනයාට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ දී ඔවුන් විනාශ නොකොට සිටින්න. හිඟන්නා ජීවත් වනුයේ ඔහුගේ තුවාලය නිසායි. ඔබටද ජාතිවාදය තරම් තවත් වටිනා නරක් වූ තුවාලයක් නැත. එම තුවාලය සුවවෙනවාට ඔබ කිසිදා කැමැති නැත. සත්‍ය එයයි.
මෙයා මොනවදෝ ඉල්ලනවා වගේ...
යහපාලනය කාලේ මේවා කියන්න ඉඩ දුන්නාට සර් ඉන්නකොට මේවට ඉඩ නෑ.. ඉන්නකෝ සර් පත්වෙනකන්... කොහෙද මේ හිටන්ට කොන්දක් නෑනේ...
රට බේරගන්න ආපු කට්ටිය තවම මේ ප්‍රකාශෙ දැකලා නැතුව ඇති...
කරුණා අම්මාන්ගේ අනිත් කෙනා.. කැලේ මාරු වුණාට කොටිපුල්ලි මාරුවෙන්නේ නැහැ.
දෙමළ මිනිස්සුන්ට නුඹලා නිදහස දෙන්න... දේශපාලකයිනි..,
LTTE පෝෂණය කරන්නේ මේවගේ බංකොළොත් දේශපාලුවන්...බහුතර දෙමළ මිනිසුන්ට දැන් ඒවා එපාවෙලා තියෙන්නේ. වහාම මේ LTTE කාරයාව අත්අඩංගුවට ගත යුතුයි.
මොහුට විරුද්ධව නඩු පවරලා දඬුවම් කරන්න බැරිද? යුද්ධය මෙහෙයවපු රණවිරුවන්ගෙන් කෙනෙකු වන ෆොන්සේකාව කුදලාගෙන ගිහින් නඩු පවරන්න දේශප්‍රේමීන්ට පුළුවන්... කරුණා, ශිවාජිලිංගම්, විජයකලා මහේෂ්වරම් වැනි පුද්ගලයින් කියන කොරෝනා ඩීල් දැක්කාම මහලොකු දේශප්‍රේමියෝ ගොලුවන් බිහිරන් වගේ...
ඒ කියන්නේ මේ දෙමළ ජාතික සටනත් ‘‘ ඔලුව නැතිව දඳ ෆයිට්‘‘ වැඩක්...අර කප්පිත්තා මැරුණු වැවක් වගේ අන්තිමේ කොහේ ගිහින් නතර වෙයිද දන්නේ නැහැ...
ඔය කියන ‘‘නායකයා‘‘ අපායට යවලා අවුරුදු 11ක්... මෙයා මේ නින්දෙන් දොඩවනවාද කොහේද?
එහෙමද? ලොක්කා ගිය තැනට යන්න ආසයි...
ඔව් ඔව් එ්ක අපි දන්නවා. එ් නිසානේ අපි ඔහෙලාව එයා ගිය දිහාවටම යවන්න බලාගෙන ඉන්නේ. පවුලේ කට්ටිය සහ හිතවත්තු එයත් එක්කම ගියා. අපේ ජාතියේ නායකයින් නිසා ඔහෙලගේ නළලේ ගා ගන්න එයාගේ අළු ටිකක්වත් ඉතිරු වුනේ නැහැ නේද? රනිල්ලා ස්මාරකත් හදන්නනේ ලැහැස්ති වුණා නේද?