(රේඛා තරංගනී ෆොන්සේකා)
රට පුරා දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පෞද්ගලික ආයතන වෙත පවරා පෞද්ගලික ආයතනයන්හී දැන්වීම් දුම්රිය ස්ථානයන්හී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.
මේ පිළිබඳව ගිවිසුම්ගත වීම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (වාණිජ) හමුවීමෙන් සලසාගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දුම්රිය ස්ථාන අබලන් තත්වයට පත්වීම වළකාගැනීම් සඳහා පෞද්ගලික ආයතනයන්හී සහය ලබා ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙන බව ඔහු පැවසීය.
ඒ ඒ ප්‍රදේශවලට ආවේණික කර්මාන්තයන් පවත්වාගෙන යන සමාගම් වෙත මෙය මහඟු අවස්ථාවක් බව සඳහන් කරන ඩිලන්ත මහතා උඩරට දුම්රිය ස්ථාන කිහිපයක්ම තේ සමාගම් ලබා ගැනීමට ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයිද පැවසීය.
මෙම දැන්වීම් ප්‍රදර්ශනය සඳහා සමාගම්වලින් අමතර මුදලක් අය නොකරන බව පෙන්වාදෙන ඒ මහතා දැන්වීම ප්‍රදර්ශනය කරන දුම්රිය ස්ථාන පිරිසිදුව පවත්වාගෙන යාම සහ අලංකාර කිරීමද ඔවුන්ට පැවරෙන කටයුත්තක් බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අදහස කදිමයි. නමුත් ඔවුන් බංකුවේ පවා දැන්වීම් පලකරන්ට ඉඩ තිබෙන බැවින් සීමා සහිතව එම දැන්වීම් පලකරන්නට ඉඩ දෙන්න. අනෙක " වැසිකිලි නඩත්තුව අනිවාර්යය කරන්න " . ගම්පහ එහෙම ප්ලැට්ෆෝම් එකේ ඇවිදගෙන යද්දි වැසිකිලිවලින් හමා එන ඇමෝනියා ගඳට ක්ලාන්තය හැදිලා ප්‍රවේශපත්‍ර ගත් මගින් කිහිපදෙනෙක්ම සිහිය නොමැතිව ඇදන් වැටිලා තියෙනවා. පසුව ඔවුන් ගම්පහ මහ රෝහලට ඇතුලත් කරලා... වාට්ටුවේදී යළි සිහිය ආවත් රෝහල් වැසිකිලියේදී යළිත් ක්ලාන්තය හැදී ඇදගෙන වැටිලා තියෙනවා. රජයේ ආයතනවල වැසිකිලි අපිරිසිදු බවට මේ සාක්ෂියම ප්‍රමාණවත් නොවේද ?
ස්ථානාධිපති හැර ටිකට් නිකුත් කිරීම, ස්ථාන නඩත්තුව සහ රේල් පාර, දුම්රිය පිරිසිදු කර පවත්වා ගැනීමත් නඩත්තුවත් පුද්ගලික අංශයට පවරා බලන්න. දුම්රිය සේවයේ කාර්මික සහ ධාවනය පමණක් දෙපාර්තමේන්තුවෙන් දුවලා අවුරුදු දෙකක් කලොත් තේරේවි කොච්චර ලාභයට නිවැරදිව කරගන්න පුලුවන්ද කියලා.
පුද්ගලික අංශයට දෙන්න ඒක හොඳයි අකාර්යක්ෂම රාජ්‍ය සේවයට වඩා හැබැයි වල්බූරු නිදහසක් ඒත් එක්කම දෙන්න එපා පේනවා නේද පුද්ගලික බස් වලට වෙලා තියන දෙය ? දීලා නියාමනය කරන්න ( හමුදාව දමල හරි ! එතකොට සමහරුන්ට කොමෙන්ට් දමන්න බැරිය ඒකටත් හමුදාව කියලා )
අදහස හොඳයි. ඒත් දුම්රිය ස්ථාන නඩත්තුවත් පුද්ගලික අංශයට දෙනවා නම් ඒ වැඩ භාරව ඉන්න, වැඩ නොකර නිකම් පඩි ගන්න දුම්රිය සේවකයින්ව ගෙදර යවන්න අවශ්‍යයි. ස්ට්‍රයික් කරකර පඩි වැඩි කරගෙන තමන්ගේ රාජකාරිය හරියට කරන්න බැරි නම් වැඩක් නැහැනේ...
මොකෝ එදා වගේ "රජයේ ආයතන පෞද්ගලීකරණය කරනවෝ කියා කෑ නොගසන්නේ..."?
ඇත්තටම හොඳම හොඳ වැඩක්... එ්කෙන් පුළුවන් දුම්රිය ස්ථානය පිරිසිදුව ලස්සනට තියාගන්න.
සේවකයන් සූරාගෙන කාලා කොම්පැනියක් පෝසත් වෙනවා නම් තමයි... නමුත් හොඳ වැඩක්...
ඇත්තටම කල යුත්තේ දුම්රිය ස්ථානය සහ අවට භූමිය රාජ්‍ය බැංකු වලින් එකකට බදු දීමයි. එවිට ඔවුන්ට දුම්රිය ස්ථානයට බිම් මාලයේ ඉඩ සකසා සාප්පු කාර්යාල සංකීර්ණයක් ඉදි කරන්න පුළුවන්. ඒවා රජයේ කාර්යාල, සියළුම බැංකු වල ශාඛා, ලීසිං ශාඛා, සුපිරි වෙලඳ සැල් ශාඛා වලට කුලියට දෙන්න පුළුවන්. ඊට වාහන, කුලී රථ වලට, පාර්කිං සහ බස් නැවතුම් ස්ථානයක් පහල මාලේ තනන්න පුළුවන්. ප්‍රශ්ණයට සම්පූර්ණ විසඳුම මේකයි.
ඔක්කොම කෙරුවල් කටින්, නමුත් තවම දුම්රිය මගේ ආරක්ෂව සහ ගේට්ටු ටික දමාගන්න බැරිවුණා. නිතිපතා අනතුරු වාර්තා වෙනවා.
කල යුත්තේ දුම්රිය සේවය පවත්වාගෙන යාමට පුද්ගලික අංශයට දීමයි.
ජපානේ දුම්රිය සේවාවන් බොහොමයක් පුද්ගලික අංශයට අයිති සේවාවන්. ඒත් ඉතින් ජපන්නු මොනවද දන්නේ.
වැඩි වැඩ ඕනේ නැහැ. පිරිසිදුකම පවත්වාගන්න පුළුවන් වුණොත් හොඳයි. විශේෂයෙන්ම වැසිකිලි නම් පිරිසිදුව තියෙන්නම ඕනේ. පොදු ස්ථානවල තියෙන වැසිකිලිවලට ගියාම ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය කොහොම එකක්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන්... අපිරිසිදුකම ඇතිවෙන්නේ ප්‍රජාතාන්ත්‍රික හින්දද? සමාජවාදී හින්දද? ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.