(මහින්ද නිශ්ශංක)
දුම්රියේ සිඟමන් යෙදීමේ දී අද (2) අල්ලා ගනු ලැබූ යාචක කාන්තාවක සතුව රුපියල් 214,290 ක පමණ මුදලක් තිබී සොයා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
කිලෝ 10 ක ප්‍රමාණයේ හිස් සහල් ඇසුරුමක තිබී සොයා ගනු ලැබූ මෙම මුදලට රුපියල් 5000 නෝට්ටු 35 ක් ද රුපියල් 100 නෝට්ටු 38 ක් ද වූ බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතා පැවසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කෙනෙක්ට ලැබෙන දෙයක් ගැන හූල්ලන්න හොඳ නැහැ. ඒ මනුස්සයාගේ තියෙන ලැබීම ගැන සතුටුයි. නමුත් නීති විරොධී වැඩනම් අගයකළ යුතු නැහැ.
හොයලා බැලුවොත් ඔය කෙනා පිටුපස මුදලාලි කෙනෙක් ඇති...
මේ පුද්ගලයා මුළු ජීවිත කාලය පුරාවටම උපයාගත් මුදල් වෙන්න ඇති... වෙනත් තැනක තියන්න බය නිසා යනයන තැන අරගෙන යනවා ඇති. කාටවත් මේ ප්‍රමාණයේ මුදලක් අතේ තියාගන්න බැහැ කියලා නීතියක් නැහැනේ. අනිකුත් මගින් පරීක්ෂා කළා නම් සමහරු ළඟ ඔයිට වඩා මුදල් තිබෙන්නත් බැරි නැහැ. නීත්‍යානුකූලව දුම්රියේ සිඟමනේ යාම වරදක් නම් ඊට අදාල දඩය අයකරනවා හෝ බලපත්‍රයක් නොමැතිව ගමන්කළානම් ඒ දඩය ගන්නවා හැරෙන්නට වෙනත් දේ ගැන සෙවීමට ඇති අයිතිය කුමක්ද? හොරකමක් කරපු බවට පැමිණිල්ලකුත් නැතිනම්... ඔන්න ඔතන තමයි අපේ රටේ නීතියේ වරද..
තමන් හොඳ හිතින් දන් දෙන දෙයකින්, ලබන්නා මොනවා කලත් කාටත් මොකෝ.
බලද්දී මෙයාලා මොන හිඟන්නන්ද? අපිනේ හිඟන්නෝ්... අපේ අතේ, රුපියල් 5000ක් වත් තියනවද?