(නාලක සංජීව දහනායක)
කොරෝනා වයිරසය ආරක්‍ෂාවීම සඳහා දෑත් පිරිසිදු කර ගැනීමට දිවයිනේ සියලු දුම්රියපොළ හා බස් නැවතුම්පළවල දෑත් සෝදා ගැනීමට මගීන්ට පහසුකම් සපයන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට අද (15) උපදෙස් දී ඇත.
බස් රථයට හෝ දුම්රියට ගොඩවීමට පෙර දෑත් සෝදා ගන්නා ලෙසත්, දුම්රියපොළින් හො බස්නැවතුම් පොළින් බසින විට දෑත් පිරිසිදු කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලුම දුම්රිය හා බස් රථ විෂබීජානුහරණය කිරීමේ වැඩපිළිවෙළක්ද මේ වනවිට ක්‍රියාත්මක කරන අතර එම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යත් දෛනිකව අධීක්‍ෂණය කරන ලෙසද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හමන් වැසිකිළි, කැසිකිලි පහසුකම් ලබාදෙන්නත් කටයුතු කළොත් නේද හොඳ ඇමතිතුමෝ?
මෙයා බණ ටෝකින්... කීයක් දුම්රිය පොලවල සනීපාරක්ෂක ස්ථාන වසා ඇතිද? කීයක් දුම්රියපළවල එම උපකරණ නිසි නඩත්තුවක් නොමැතිව පාවිච්චියට ගත නොහැකිව ඇතිද? කීයක් දුම්රියවල තිබෙන පහසුකම් භාවිතයට ගත නොහැකිද? මේ ලඟදී ප්‍රසිද්ධ ප්‍රවෘත්ති වල පලවුණා නේද? තියන පහසුකම් භාවිතයට ගැනීමට ගියහොත් තවතව ආසාදන ඇතිවිය හැකි ලෙස නිසි නඩත්තුවක් නොමැතිව පවත්වාගෙන යන හැටි... දුම්රිය වේදිකාවේ ඉන්නවත් බැරිවිදියට දුගඳ හමන බව? ප්‍රසිද්ධ බස් නැවතුම්පලවල තත්වය මෙයා විසින්ම කියලා තිබුණා නේද? හැම බස් නැවතුමකම වතුර බේසමකුයි, සබන් කෑල්ලකුයි අරන් ඉන්න දේශපාලුවන් ටික යෙදෙව්වා නම්... අඩුමගානේ ඔවුන්ට පොදු ජනදුක යාන්තම් හරි තේරේවි. කතාව දෝලාවෙන් ගමන පයින්...
හිනා.. හිනා... හිනාවෙන්න හිනා... කරදර ඉවත දමා... පොඩ්ඩක් වෙන්න හිනා... දේශපාලුවන් වතුර බේසන්, සබන් කැට අරන් හැම තැනම ඉන්නවලු... මහජන සුව බලලා පොඩ්ඩක් වෙන්නහිනා...