IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


‘දුම්රිය-බස් නැවතුම් පොළවල දෑත් සෝදන්න පහසුකම් සපයන්න උපදෙස්’

(නාලක සංජීව දහනායක)

කොරෝනා වයිරසය ආරක්‍ෂාවීම සඳහා දෑත් පිරිසිදු කර ගැනීමට දිවයිනේ සියලු දුම්රියපොළ හා බස් නැවතුම්පළවල දෑත් සෝදා ගැනීමට මගීන්ට පහසුකම් සපයන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට අද (15) උපදෙස් දී ඇත. 

බස් රථයට හෝ දුම්රියට ගොඩවීමට පෙර දෑත් සෝදා ගන්නා ලෙසත්, දුම්රියපොළින් හො බස්නැවතුම් පොළින් බසින විට දෑත් පිරිසිදු කර ගන්නා ලෙසත් අමාත්‍යවරයා මගී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

කොරෝනා වයිරසය ආසාදනය වීම වළක්වා ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සියලුම දුම්රිය හා බස් රථ විෂබීජානුහරණය කිරීමේ වැඩපිළිවෙළක්ද මේ වනවිට ක්‍රියාත්මක කරන අතර එම වැඩපිළිවෙළ නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ ද යත් දෛනිකව අධීක්‍ෂණය කරන ලෙසද අමාත්‍යවරයා ජාතික ගමනාගමන කොමිසමට හා ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් දී තිබේ.



අදහස් (3)

‘දුම්රිය-බස් නැවතුම් පොළවල දෑත් සෝදන්න පහසුකම් සපයන්න උපදෙස්’

siri Sunday, 15 March 2020 09:28 AM

හරි හමන් වැසිකිළි, කැසිකිලි පහසුකම් ලබාදෙන්නත් කටයුතු කළොත් නේද හොඳ ඇමතිතුමෝ?

:       0       5

රවින් Sunday, 15 March 2020 11:43 AM

මෙයා බණ ටෝකින්... කීයක් දුම්රිය පොලවල සනීපාරක්ෂක ස්ථාන වසා ඇතිද? කීයක් දුම්රියපළවල එම උපකරණ නිසි නඩත්තුවක් නොමැතිව පාවිච්චියට ගත නොහැකිව ඇතිද? කීයක් දුම්රියවල තිබෙන පහසුකම් භාවිතයට ගත නොහැකිද? මේ ලඟදී ප්‍රසිද්ධ ප්‍රවෘත්ති වල පලවුණා නේද? තියන පහසුකම් භාවිතයට ගැනීමට ගියහොත් තවතව ආසාදන ඇතිවිය හැකි ලෙස නිසි නඩත්තුවක් නොමැතිව පවත්වාගෙන යන හැටි... දුම්රිය වේදිකාවේ ඉන්නවත් බැරිවිදියට දුගඳ හමන බව? ප්‍රසිද්ධ බස් නැවතුම්පලවල තත්වය මෙයා විසින්ම කියලා තිබුණා නේද? හැම බස් නැවතුමකම වතුර බේසමකුයි, සබන් කෑල්ලකුයි අරන් ඉන්න දේශපාලුවන් ටික යෙදෙව්වා නම්... අඩුමගානේ ඔවුන්ට පොදු ජනදුක යාන්තම් හරි තේරේවි. කතාව දෝලාවෙන් ගමන පයින්...

:       0       0

රවින් Sunday, 15 March 2020 12:16 PM

හිනා.. හිනා... හිනාවෙන්න හිනා... කරදර ඉවත දමා... පොඩ්ඩක් වෙන්න හිනා... දේශපාලුවන් වතුර බේසන්, සබන් කැට අරන් හැම තැනම ඉන්නවලු... මහජන සුව බලලා පොඩ්ඩක් වෙන්නහිනා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 8 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 858 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2492 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site