
විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේ ප්‍රථම රැස්වීම ආරම්භ වීමට පෙර අද (20) නිල වශයෙන් සභානායක ධූරයෙහි සිය රාජකාරි ඇරඹීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 17 වැනි සභානායකවරයා වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව, ආගමික වතාවත්හි නිරතවු අතර පසුව තම කාර්යාලයීය ලිපිවලට අත්සන් තබමින් ඔහු සිය නිල කටයුතු ආරම්භ කළේය.
අමාත්‍ය ගුණවර්ධන මහතා පසුගිය වසරේ ජනවාරි මස 03 වැනි දින සිට මාර්තු 02 දක්වා සභානායක ලෙස කටයුතු කළ අතර, ඊට පෙර 6 වැනි හා 7 වැනි පාර්ලිමේන්තුවල ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස විශේෂ කාර්යභාරයක් ඉටු කර ඇත.
මේ අවස්ථාවට රජයේ මැති ඇමතිවරු වන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යදාමිණි ගුණවර්ධන, ජගත් කුමාර, සහ වීරසුමන වීරසිංහ යන මහත්වරුන් , රාජ්‍ය නිලධාරිහු, පවුලේ සාමාජිකයන් හා පාර්ලිමේන්‍තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි, සභානායක ධුරයට... සුබපැතුම්...!!!