(ඩයනා උදයංගනී)
වතු කම්කරු ජනතාවට පොරොන්දු වූ පරිදි රුපියල් 1000ක දෛනික වැටුපක් මෙම මාසයේ සිට ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
ඒ සඳහා වතු සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණ සිටින බව කී ඇමැතිවරයා ඔවුන් සමඟ නුදුරු දිනකදී ගිවිසුමකට ද අත්සන් තැබීමට බලාපොරොත්තු වන බව සඳහන් කළේය.

ඒ අනුව වතු කම්කරු ජනතාවගේ මාර්තු මස වැටුප් ලැබෙන අප්‍රේල් පළමු සතියේ දී දිනකට රුපියල් 1000 ක් බැගින් වන වැටුපත් ලබාදීමට හැකිවනු ඇතැයි ද කීවේය.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව විසුරුවලා තියෙද්දී මේ ඇමති තාම වැඩ ද. වෙනවා නම් මේක හොද වැඩක්. හැබැයි මේකත් තවත් ඡන්ද ගුන්ඩුවක් තමා.
බොහෝ වතු සමාගම් මෙම රජයේ වතු බද්දට ගත් විගසම වතුවල සුද්දන් වවා තිබු වටිනා ගස් කපලා විකුනලා තිබෙනවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න. පඩි වැඩි කල යුත්තේ ලබන ආදායමට සමපාතිකවයි එසේ නැතුව ඡන්ද තුනෙන් දෙක ගන්න නම් නොවේ. නිෂ්පාදන වියදම ඉහල ගිය විට වෙළඳපොලේ අපේ තේ විකුණාගන්න බැරිවෙන සරල දේ වත් අර රට රකින්න ආ වීරයා දන්නේ නැද්ද?
වතු කම්කරුවන්ට ජීවත්වීමට රුපියල් දහසක වැටුපක් අවශ්‍ය බව සැබෑවකි. නමුත් රජයේ සහ පුද්ගලික අංශවල අනෙකුත් කම්කරුවන් මෙන්ම ඔවුන් දිනකට පැය 8 ක් වැඩ කළ යුතුමය. ඇත්තෙන්ම රටේ අඩුවෙන්ම වැඩ කරන පිරිස මොවුන්ය. උදේ 8ට වැඩට පැමිණ, පැය 1/2ක් උදේ අාහාර ගෙන තවත් පැය 1/2 ක් තේ පානය සඳහා ගතකර 1.30ට නිවෙස් බලා යයි.
ඉතාම අසාධාරණ කතාවක්. මේ රටේ වැඩියෙන්ම දුක් විඳිමින් රැකියා කරන්නේ මේ අහිංසකයින් බව කවුරුත් දන්නවා. ඔවුන්ගේ නිවාස පවා අපායවල් වගේ. ලයින් පේලියකටම තිබෙන්නේ එකම එක වැසිකිළියයි. කඩේ මුදලාලිට ණය ගෙවලා ඉවරවෙද්දී අතේ සතේ නැහැ. ඒවගේම තමයි අපේ රටේ විදේශ විනිමය උපයන දෙවන මාර්ගය තේ වගාවයි. මේ මිනිසුන්ගේ දෙමව්පියන්, දෙමව්පියන්ගේ ලේ දහදිය ඔක්කොම පොහොරවුනේ මේ රට වෙනුවෙන්මයි...