IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දත්ත ආරක්ෂණ පනත ඇතුළු පනත් තුනකට කතානායකගේ සහතිකය

( සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් තුනකට කතානායකවරයා සහතිකය සටහන් කළේ‍ය.

කම්කරු වන්දි (සංශෝධන) සහ ඉඩම් සංවර්ධන (සංශෝධන) කතානායකවරයා සහතිකය සටහන් කළ අනෙකුත් පනත් කෙටුම්පත් වෙයි. ඒ අනුව මෙම පනත් කෙටුම්පත් තුන ඊයේ (19) සිට බලාත්මක වේ.මේ පනත් තුන පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත විය.

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත පෞද්ගලික දත්ත සැකසීම නියාමනය කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළව දත්ත දායකයන්ගේ අයිතිවාසිකම් හඳුනාගැනීමට සහ ශක්තිමත් කිරීම  අරමුණු කරගත් එකකි.

තවද “දත්ත ආරක්ෂණ අධිකාරිය” නම් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීමද  එම පනතින්  සිදුවේ.

2005 වර්ෂයේ අවසන් වරට සංශෝධිත 1934 අංක 19 දරණ කම්කරු වන්දි ආඥා පනතට සංශෝධන එක් කිරීම  2022 අංක 10 දරන   කම්කරු වන්දි (සංශෝධන) පනත මගින්  සිදුවූ අතර සේවයේ යෙදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයන්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී  දැනට ගෙවන උපරිම වන්දි ප්‍රමාණය වන රු 550,000 ක මුදල,  රු 2,000,000 (විසි ලක්ෂය) දක්වා වැඩි කිරීම මෙමගින් සිදුවේ.

එසේම දැනට රැකියා අවස්ථාවේදී සිදුවන අනතුරුවලට පමණක්  වන්දි ගෙවීමට ඇති ප්‍රතිපාදනය , රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කර  අර්ථ නිරූපණය වඩාත් පුළුල්කිරීම ඇතුළු වැදගත් සංශෝධන රැසක් මේ හරහා සිදුකර  ඇත.

2022 අංක 11 දරන ඉඩම් සංවර්ධන (සංශෝධන) පනතට අනුව  ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම සිදුවූ අතර “ඉඩම් කොමසාරිස්” යන වචනය වෙනුවට “ඉඩම් කොමසාරිස් ජනරාල්” යන වචනය ආදේශ කිරීම, අතිරේක ඉඩම් කොමසාරිස්වරයන් හා වෙනත් නිලධරයන් පත්කිරීම, ඉඩම් කොටසක් උකස් කිරීමේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතිය අවශ්‍ය නොවන බව, මැනුම් කරනු නොලැබූ ඉඩම් සඳහා ප්‍රදානපත්‍ර නිකුත් කිරීම තහනම් කිරීම ඇතුළු සංශෝධන කිහිපයක් ඊට  අන්තර්ගත වේ.



අදහස් (0)

දත්ත ආරක්ෂණ පනත ඇතුළු පනත් තුනකට කතානායකගේ සහතිකය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 594 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 745 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site