(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විදේශ දූත මණ්ඩල පත්වාගෙන යෑම සඳහා රුපියල් කෝටිය 91 කට වැඩි මුදලක් පසුගිය සමයේදී වැය කර ඇතත් ඉන් නිසි පතිඵල ලැබී නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (6) පැවසීය.
විදේශ දූත සේවාවල කම්කරු අංශයන්හි රැකියා සඳහා දේශපාලන හිතවත්කම් මත පුද්ගලයන් පත් කිරීමෙන් ගැටලු රැසක් පසුගිය කාලයේදී ඇතිවූ බවද හෙතෙම සඳහන් කළේය.
කම්කරු ඇමැතිවරයා මෙසේ පැවසුවේ සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිලධාරීන් හා බලපත්‍රලාභී ඒජන්තවරුන් විසින් කරන ලදැයි පැවසෙන දූෂණ හා වංචා පිළිබඳව සොයා බැලීමට පත්කෙරුණු කමිටුවේ වාර්තාව තව දෙසතියකින් ජනාධිපතිවරයාට බාර දෙන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.
ඒජන්සි කරුවන්ගෙන් හිමිවිය යුතු මුදල් අයකර නොගෙනීමේ සිද්ධීන්ද වාර්තා වන බව පැවසූ ඇමැතිවරයා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුදල් අර්බුදය විසඳීම සඳහා එම කාර්යාංශයේ අනර්ථකාරී වියදම් කපා හැරීම හා වියදම් කළමනාකරණය කිරීම, නැවත දැනුම් දෙන තුරු කාර්යංශයේ තනතුරු සඳහා නව බඳවාගැනීම් සිදු නොකිරීම , කාර්යාංශයේ සේවා දූත මණ්ඩලවල සේවා බාධාවකින් තොරව පවත්වා ගැනීමට හැකි වෙන පරිදි කාර්ය මණ්ඩලය සීමා කිරීම හා අතිරික්ත කාර්‍ය මණ්ඩල දිවයිනට ගෙන්වා ගැනීම, සහ කාර්යංශයේ සෙසු වියදම් අවම කර ගැනීම වැනි ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද ප්‍රකාශ කළේය.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වියදම 2919වර්ෂයේදී රුපියල් කෝටි තුන්සිය දහසයක් වුවද උක්ත ක්‍රියාමාර්ග හේතුවෙන් 2020 අවසානය වනවිට රුපියල් කෝටි 241ක් දක්වා වියදම අඩු කරගැනීමට හැකි වීමෙන් රුපියල් කෝටි හැත්ත හයකට ආසන්න මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව ඇමැතිවරයා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට මේ ගොල්ලන්ගේ කාලේ එහෙම දේවල් කළේම නැහැ වගේ.. පව් අප්පා. හරියට දහම් පාසලේ ළමයි වගේ. පුදුම පින්වන්ත කමක් තියෙන්නේ.
මේ පප්පා තාමත් පැති පැන පැන සැප ගන්නව .රටට මේ යෝදයා කරපු කෙන්ගෙඩියක් නැහැ
කාගේ සල්ලිද මේවා..?
ඒ කාලේ ඉස්පිරිතාලවලට ඔබතුමා සුළු සේවකයන් බුරුතු පිටින් පත්කළ බව මතක නැද්ද?
දැනුත් ඕවාට පත් කරන්නේ ඇමති අගමැති නෑදෑයින් නැතිනම් විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්... ඔවුන් යන්නේ විශ්‍රාම සමයේ ජොලියෙන් ඉන්න මිස වැඩක් කරන්න නොවේ...
දන්න කියන අලුත් කට්ටියක් යවන්න හිතිලා වගේ...
දූත මණ්ඩල වලට පත් කරලා තිබෙන්නෙත් ඔබතුමා වැනි වයසට ගිය, නිදි කිරා වැටෙන ,පැන්ෂන් ගිය පොලිස්කාරයන් ,ත්‍රිවිධ හමුධාපතිවරු,දේශපාලකයින් සහ කලාකාරයින් ,ඉතින් රටට ගුඩ් නයිට් .