(සුජිත් හේවාජුලිගේ )
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණ කොට්ටාව,කඩුවෙල හෝ කොතලාවල පිවිසුම් ලබන 15 වැනිදා සෙනසුරාදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව එම මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජේ.එන්.ලොඩ්වික් මහතා පැවසීය.
එම පිවිසුම්වල කොරෝනා ආසාදිත සේවකයන්ගේ නිරෝධායන කාලය ලබන 15 වැනිදා වන විට අවසන් වන බවද ඔහු ප්‍රකාශ කළේය.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොවිඩ් අවදානම හේතුවෙන් වසා දැමුණු වැලිපැන්න හා ඉමදුව පිවිසුම් විවෘත කෙරෙන දින පසුව දැනුම් දෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd