
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා කහතුඩුව අතර කිලෝ මිටර් 9 දශම 6 වීදියගොඩ ප්‍රදේශයේදී ලොරි රථ දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
තහඩුවලින් නිමවන ලද උපකරණ තොගයක් පටවාගෙන ගාල්ල දෙස සිට කොළඹ දෙසට පැමිණිමෙන් තිබූ ලොරි රථය පිටුපසින් ධාවනය වූ මාළු එම ලොරිය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි
මාළු ලොරිය ඉදිරියෙන් ගමන්ගත් ලොරියෙ ගැටීමත් සමඟම ඉදිරියෙන් ගමන් ගත් ලොරිය වම් ආරක්ෂක වැටෙහි ගැටී ඇත.
මෙම අනතුර හේතුවෙන් පැය කීපයක් කොළඹ දෙසට ගමන් ගන්නා වාහන වලට තරමක බාධාවක් ද ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන මගුලක් පටවාගත්ත ලදරම් ලොරි වගේ දේවල් වලටත් යන්න දෙන ලෝකේ තියන එකම හයි වේ එක මේක වෙන්න ඇති... සමහර වෙලාවට මේ යන වසංගත ලදරම් ලොරිවල පස්සේ ටේල් ලයිට්වත් නැහැ මම අවස්ථා හතරකදීම 1969 අමතලා ඒ වෙලාවේම දැනුවත් කරා මොනවා වුණාද නම් දන්නේ නැහැ.. අනික මේක පාවිච්චි කරන උදවියට මම මේ කියන්නේ කවදාවත් මේවා, බවුසර්, ගෑස් පටවපු ලොරි පස්සෙන් යන්න එපා.. පුළුවන් තරම් ඉක්මනට ඉස්සර කරලා මග අරින්න...
හැමදාම බැලුවොත් කොහේ හරි අනතුරක්? මේවාට විසදුම් නැද්ද?