දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තු ගොඩනැගිලි සංකීර්ණයට අයත් ප්‍රධාන පැරැණි ගොඩනැගිල්ලේ යළිත් වරක් ගින්නක් හටගත්තේය. මෙම දෙවැනි ගින්න හටගත්තේ පළමු ගින්න හටගෙන පැය 36 ක් ගතවීමට පෙරය. ගින්න සෙසු ගොඩනැගිලිවලට ද පැතිර ගියේය.
දෙවැනි වරට ගින්න හටගත්තේ ද පළමු වරට ගින්න හටගත් පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි වසර 130 ක් පැරැණි ගොඩනැගිල්ලෙනි. මැති ඇමැතිවරුන්ගේ සභාගර්භය ඇත්තේ ද මෙම ගොඩනැගිල්ලේය. මෙය 1884 වසරේ දී ඉදි කරන ලද්දකි.
දෙවැනි ගින්න නිවා දැමීමට ගිනි නිවන භටයන් 50 දෙනකු පැමිණි බව පැවැසෙයි.
පළමු වරට හටගත් ගින්නෙන් කිසිවකුටත් අනතුරක් සිදු නොවුණත්, පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට සහ සභාගර්භයට ඉහළින් වහලයට දරුණු හානි සිදුවිය. දෙවැනි ගින්න හටගත්තේ එසේ හානි සිදුවී ඇති අවස්ථාවකය. ඒ අනුව සිදුවුණු හානිය අති මහත් බව දකුණු අප්‍රිකා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
පළමු ගින්න හටගත් අවස්ථාවේදී පොලිසිය ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර, එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව අනාවරණය කර ගත්තේය. පොලිසිය 49 හැවිරිදි පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව ද පැවැසීය.
දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා සහ පාර්ලිමේන්තු කතා නායකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ එම ගින්න දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වුණු ප්‍රබල 'ප්‍රහාරයක්' බවය. පාර්ලිමේන්තුවට සිදුවුණු හානිය ගැන නොතකා පාර්ලිමේන්තුවේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යන බව දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රැම්පෝසා මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුව යළි ඇවිළෙයි