(යොහාන් භාසුර)
දංකොටුවෙන් අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර් දෙකේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු බවට ශ්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්‍ෂණයෙන් තවුරු වී ඇති බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක සුදත්ත සිල්වා මහතා පවසයි.
රජයේ රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්‍ෂණ ඒකකට යොමු කළ එම බවුසර්වල පොල්තෙල් සාම්පල දෙකේ වාර්තා බලාපොරොත්තුවෙන් සිටින බව ද රේගු මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර බඩු අල්ලලා ඒවා පරෙස්සමට තියා ගන්න කියලා ගෙන්නපු කෙනාටම දුන්නාම මෙහෙම දේවල් වෙනවා. ඇමතිතුමා නම් කියන්නේ විෂ කාරක සහිත පොල්තෙල් පිට වෙලා නෑ කියලයි. ඒ වුණාට රට හැමතැනින්ම අහුවෙනවා. වෙළෙන්ඳන්ට දඬුවම් දෙනවා ගෙන්නපු අයට කිසි දඬුවමක් නැහැ. තව සතියයි තියෙන්නේ අවුරුදු කන්න. අර ඉන්දියාවෙන් පිනට ලැබුණු "සුව සැරිය" ලෝක ලෙඩක් කියලා මැරෙන්න හැදුව දොස්තර සංගමය මෙච්චර කාලයක් බුදියගෙන ඉඳලා මෙන්න දැන් නැගිටලා කියනවා "විෂ නැති පොල්තෙල් ඕනෑනම් ගෙදරදීම සකස් කර ගන්න" කියලා. ගෙදරදී පොල්තෙල් හිඳගන්න අවශ්‍ය පොල් ඔය සල්ලිකාර දොස්තර මහත්තුරු අපේ ගෙදරට ගෙනත් දෙනවද දන්නේ නෑ...
බන්දුල ඇමතිතුමාව දැනුවත් කරන්න.
මේ පොල්තෙල් ප්‍රතිඅපනයන කරන්න එපා.. සිංහල අලුත් අවුරුද්දට කැවුම් කොකිස් හදන්න මැදමුලනට යවන්න.
මෙවැනි විෂ සහිත පොල්තෙල් බවුසර් කීයක් මීට කලින් මහජනයාට නොදැනුවත්ව වෙළෙඳපොළට ගොස් ඇත්ද? එහෙත්, වෙළෙඳ ඇමැති පවසන්නේ විෂ සහිත පොල්තෙල් වෙළෙඳපොළට නිකුත්වී නැති බවකි. අපි තවමත් තුන්වෙනි ලෝකයේ රටක් බවට පත්වීමට එක හේතුවක් නම් අපි අපටම බොරු කියා ගැනීමයි.