(සුජිත් හේවාජුලිගේ )
ජනතාවට තෙවැනි එන්නතක්(බූස්ටර්) අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ලෝකයේ ඇතැම් රටවල තෙවැනි මාත්‍රාවක් දැනටමත් යොදා ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
ලෝකයේ වෙනත් රටවල් එසේ කටයුතු කර ඇත්නම් මේ රටටද එසේ කටයුතු කිරීමට සිදුවන බවත් මේ අනුව ඒ සඳහා අවශ්‍ය එන්නත් මිලදී ගැනීමට කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මේ අතර මෙරට ජනගහනයෙන් සියයට අනු තුනකට කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාවද සියයට 23කට දෙවෙනි මාත්‍රාවද ලබාදී ඇති බවත් යුද හමුදාපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කරගෙන යන්න.හොදටම කරනවා
මේජර් විසින් ලබා දී ඇති ප්‍රකාශය නොමඟ යවන සුළු බැවින් කරුණාකර මෙහි සඳහන් සංඛ්‍යා නිවැරදි කරන්න.
තෙවැනි මාත්‍රාවත් අපි තමයි හොඳටම ගැහුවේ කියලා කියාගන්න ද කොහෙද සර්ගේ වුවමනාව! අනේ ඇත්තට මේවගේ දේවල් දකින්න අපිටත් සිද්ධ වුණානේ...
තුන ගහන්න කලින් එක සහ දෙක ඉවර කරලා ඉන්න ,මොකද්ද හදිස්සිය
එක දෙන්න බැරිව තුන කතා කරනවා .පිස්සු
මං අදයි දන්නේ අපේ ජනාධිපතිට දොස්තර උපාධියක් තියෙනවා කියලා
තුන්වන මාත්‍රාව ලබා දුන් වෙනත් රටක් තිබේ නම් කරුණාකර අපට දන්වන්න. මේ ගැන විද්‍යාඥයන් කර ඇති පරීක්ෂණ සහ පර්යේෂණ මොනවාද, එසේ නම් නිර්දේශ මොනවාද නැත්නම් මෙය අපේ සර් ගත් තවත් තීරණයක්ද?
ජනඝහනයෙන් 93% පළමු මාත්‍රාව ?මේ කතාව විශ්වාස කරන්න පුලුවන්ද ?
ඔයගොල්ලන්ගේ ලොක්කා දොස්තර විභාගෙත් පාස් කරල තියෙනව කියල දැන ගත්තෙ දැන්
කාට ද මේ කියන තෙවන මාත්‍රාව මුලින්ම දෙන්නේ? ලොකු ලොකු ලොක්කන්ට වෙන්නැති. තෙවන මාත්‍රාවට කලින් රටේ පොදු ජනතාවට දෙවන මාත්‍රාව දීලා ඉමු. එන්නත් නිෂ්පාදන රටවල් පොහොසත් කරන්න ඊට පස්සේ පුළුවන්...