(තිළිණි ද සිල්වා)
චීනයේ සිට යළි මෙරටට ඒමේ අපේක්ෂාවෙන් තවත් සිසුන් 204 දෙනෙකු සිටින බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි. වූහාන් නගරයේ සිට සිසුන් 33 දෙනෙක් විශේෂ ගුවන් යානයකින් අද (01 වැනිදා) ශ්‍රී ලංකාවට පැමිණියේය.
චීනයේ සිටින එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලුම දෙනා ආපසු ගෙන ඒම සඳහා විදේශ සබඳතා අමාත්‍යාංශය, බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ෂැන්හයි හා ග්වැන්ෂුහි පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය කටයුතු කරන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
ගතවූ දින 5 තුළදී, චීනයේ රැඳී සිටි ශ්‍රී ලාංකික සිසුන් 660 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ද එම අමාත්‍යාංශය කියා සිටියි. මේ දක්වා දිවයිනට පැමිණ ඇත්තේ නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වූ වූහාන් නගරය, බීජිං අගනුවර ඇතුලු අනෙකුත් සෙසු නගරවල ඉගෙනුම ලබමින් සිටි සිසුන් යැයිද එම අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දවස්වල කොරෝනා සම්බන්ධ පුවත් බලද්දී ඊළඟ මැතිවරණයට සූදානම් වෙනවා වගේ තේරෙන්නේ මට විතරද?
ඇයි මේ ළමයින්ව ගෙනාවේ නැත්තේ? මේ අය අතර දේශපාලන පුත්තු නැති නිසාද?
හෙංචයියන් නොවන ශ්‍රී ලාංකිකයන්ට කරුණාව, මෛත්‍රිය පෑදේවා !
ඔයා ජවිපෙද? එජාපෙද? එන්.ජී.ඕ ද ?
ඒ දෙසීයත් මේ අය සමගම ගෙනාවා නම් ඉවරයිනේ. මොකද ඉඩ නැතුව නොවෙයිනේ.
සමහරු හිතන් ඉන්නේ චීනය කියන්නේ මාලදිවයින වගේ එකක් කියලා වෙන්න ඇති. ෆ්ලයිට් එක ගිහින් ළමයි ගෙනාවේ වූවාන් වල හිටපු ළමයි. චීනේ නොයෙකුත් පළාත්වල ළමයි ඉගෙන ගන්නවා. ඒ ළමයින්ට වූවාන්වලට එන්න අවසර නෑ. මේ ගුවන් යානයත් විශේෂ අවසරයකින් එහෙ ගියේ. එයාපොර්ට් එකේ කවුරුවත් නැති නිසා තමයි මෙහෙන්ම ඒ කාර්ය මණ්ඩලයත් අරන් ගියේ. එහෙම නම් ඒ ඔක්කොම ළමයින්ට වෙන පළාතක එයාපෝර්ට් එකකට එන්න කියලා ඒ ළමයින්ට අරන් එන එක තමයි සුදුසු.. ඉඩ තිබුණාට ඉන්ධන ප්‍රශ්න, ගොඩබෑමේ රෙගුලාසි සහ රටතුළ එයාපොර්ට් එකකින් එයාපෝර්ට් එකකට පියාසර කිරිමේ ප්‍රශ්න මතුවෙනවා. නීතිමය සහ ගුවන් රෙගුලාසි ගැටළු...