(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 30 දෙනකු ඊයේ (23) මරණයට පත්  වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය. 

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ  සංඛ්‍යාව 16,116 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 22 දෙනකු" අවුරුදු 30 ත් 59 ත් අතර 7 දෙනකු සහ අවුරුදු 30ට අඩු අයකු ද වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 21 දෙනකු සහ කාන්තාවන් 9 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.