නිමන්ති රණසිංහ
අල්ලස් නඩුවකට අදාළව සැකකරුවන් ලෙස නම් කර ඇති හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, අභියාචනාධිකරණ විනිසුරු ඒ.එම්.එන්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එන්.එන්.පී. ෆර්ඩිනැන්ඩු මහතා සම්බන්ධ නඩුව ලබන 7 වැනි දා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (26) නියම කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව මෙම අධිකරණය හමුවේ විභාගයට නොගන්නා ලෙස ඉල්ලමින් විත්තිකරුවන් වෙනුවෙන් අභියාචනාධීකරණය හමුවේ ඉදිරිපත් කර ඇති පෙත්සම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම අද අධිකරණයට වාර්තා කරනු ලැබීය.
ලංකා විදුලිබල පෞද්ගලික සමාගමට ඉඩමක් මිලට ගැනීමේ දී අක්‍රමිකතාවක් සිදුවූ බවට කමිටු දෙකක් මගින් නිර්දේශ කර තිබියදී වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් චුදිතයන් තිදෙනාට දුෂණය චෝදනාව යටතේ චෝදනා ගොනු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අර නාගානන්ද කරපු පැමිණිල්ල මත පැවරුන නඩුව නෙමෙයිද?
නඩු කල් දැමීමේ ලෝක වාර්තාව හිමිවන්නේ මොන රටටද ?
රන්ජන් ඔබට තවත් සාක්ෂි ඕනෙද කියා උසාවියෙන් අහන්න.