
( රංජිත් රාජපක්ෂ)
තලවකැලේ දුම්රිය පොල මාර්ගයේ පිහිටි නිවසක මුළුතැන්ගෙහි තිබු ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන අද (01) පුපුරාගොස් ඇති බව තලවකැලේ පොලිසිය පැවසිය.
උදැසන 11 ට පමණ නිවාස හිමියා ගැස් උදුනෙන් ජලය රත්කර තේ සැදිමෙන් අනතුරුව ගැස් උදුන ක්‍රියා විරහිර කර නිවසින් එළියට පැමිණි අවස්තවේ එකවරම විශාල ශබ්දයක් ඇසුණු බවත්, පසුව ඒ පිලිබදව පරික්ෂා කිරිමේදි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබු ගැස් නලය සහ ගැස් උදුන පුපුරා ගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේය.
පිපිරිමෙන් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර , පිපිරිම සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ අධික්ෂණය යටතේ පොලිස් ස්ථාන පරික්ෂණ නිලධාරින් යටතේ පරික්ෂණ පවත්වන බව තලවකැලේ පොලිසිය කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රශ්නයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්විය යුතු නැද්ද?කාගේ උවමනාවකටදගැස් කොම්පැණිය සුරකින්නේ
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න බැරිද?