(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වත්මන් නව ආණ්ඩුව ව්‍යවසායකයන් ශක්තිමත් කරන්න නීති හදනවා වෙනුවට තමන්ගේ ආණ්ඩුවට ආරක්ෂාව ලබා ගැනීම සඳහා ත්‍රස්ත පනත වැනි රෙගුලාසි ශක්තිමත් කරන බව දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ත්‍රස්ත පනතත් අයි.එම්.එෆ් කොන්දේසියක් ද කියා සිතෙන බවද මෙි දූෂිතයන් පිරිවරාගත් ආණ්ඩුවක් යැයිද නලින් බණ්ඩාර මහතා කීය.
"නිසි අවස්ථාවේ නිසි තීන්දු නොගත් රජය රට බංකොලොත් බවට ඇද දැම්මා.බංකොලොත් රටේ බංකොලොත් පුරවැසියන් ලෙස මූල්‍ය අරමුදල සමග ගණුදෙනු කරන්න සිදුවී තිබෙනවා.
සමගි ජන බලවේගයේ අපි රට අගාධයට දාන්න දායක වෙච්ච අය නෙමෙයි.රාජ්‍ය සේවයට මේ වගේ විශාල බරක් දැමුවේ වෙන අය නොවේ. රාජපක්ෂ පාලනයයි.
රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම නොව රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම කළ යුතු බව අප දිගින් දිගටම කිව්වා.අපි බිහි යුත්තේ රාජ්‍ය සේවකයෝ නෙවෙයි,ව්‍යවසායකයින්.
ව්‍යවසායකයන් ලක්ෂයක් හදන්න කටයුතු කළා නම් රැකියා බිහි වෙනවා.අද ඉන්න ව්‍යවසායකයින් නැති භංගස්ථාන කරන තැනට රජය කටයුතු කරමින් සිටිනවා
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්ත පනතත් අයි.එම්.එෆ් කොන්දේසියක්ද?
අබිලින් Thursday, 27 April 2023 06:05 AM
පවතින ආණ්ඩුව මට්ටුකරන්න තමුන් පනතට විරුද්ධව ඉන්නෙ මැතිවරණය සදහා උප්පරවැට්ටියක් හැටියට තමයි මහත්තයෝ රටේ පවතින කඩාකප්පල් ක්‍රියාවන් ගැන නොසලකා හැරීම නිසා තමයි මේ රට 1972 ඇතිවූ බංග්ලාදේශයටත් අන්ත රටක් බවට පත්වුනේ එනිසා රට හදන්න ඔහේට අබමල් රේණුවක තරම් මොළයක් තියෙනවා නම් බඩගෝස්තරය ගැන නොසිතා ඔය පනත සම්මත කරන්න සහයෝගය දෙන්න කියලා කියන්න වෙනවා
දියවන්නාවේ කිබුලා Thursday, 27 April 2023 07:29 AM
බස් එකේ වැඩට පලයල්ලා. තොපිට සැප වැඩී දේශපාලන කාලකන්නි. අපේ බදු සල්ලි.
හර්මානිස් Thursday, 27 April 2023 07:29 AM
ව්‍යවසායකයින් හදන්න දැනුමක් අවබෝධයක් හා පළපුරුද්ද අනිවාර්යයෙන් තියෙන්නම ඕන එහෙම නැතුව තමන්ට සියයට 70 ජනතා මතයක් තියෙනවා කියලා රට සංවර්ධනය කරන්න බැහැ සැලසුමක් තියෙන්නම ඕන තමන්ගෙ බඩගෝස්තරය හා මඩිය තරකිරීම පමණක් අපේක්ෂාවෙන් සිටින කිසිවෙකුට ව්‍යවසායකයින් හදන්න බැහැ ඉතින් කරන්නෙ කුඩුවිකිණීමට බාධා නොකිරීම මත්පැන් පෙරීම හා විකිණීම හොරකම් මංකොල්ලකෑම් නොසලකා හැරීම හා අත් අඩංගුවට ගැනීම වැලැක්වීම, අධ්‍යාපන සුදුසුකම් නැතත් රාජ්‍ය අංශයේ කුමක් හෝ තනතුරු නාමයක් හදා ගෝල බාලයො යොදාගෙන නිකරුණේ ජනතා මුදල් නාස්ති කිරීම තමයි කරන්න පුළුවන් ගෝඨාභය රැකියා දුන්නු ආකාරයට අධ්‍යාපනය අනවශ්‍ය නිසා අධ්‍යාපනය නැතිකලොත් විශාල මුදලක් ඉතිරි වෙන නිසා එයම බලාගෙන අධ්‍යාපන බලධාරීන් හා ගුරු සංගම්ද ශිෂ්‍ය සංගම්වල පිරිස්ද අධ්‍යාපන නැතිකිරීමේ ව්‍යාපෘති කරනවා දරුවන්ගේ අනාගතය සම්පූර්ණයෙන්ම විනාශ වෙමින් තියෙනවා ගම්බද මාර්ග සංවර්ධනය කියලා ඡන්ද පෙට්ටියේ ගමේ මැම්බර්ට වැඩි මනාප තිබුන පැතිවලට මීටර් කීපයක් කොන්ක්‍රිට් කරනවා වඩාත් දේශපාලනයට කඩේ ගිය එකාගෙ ගෙදර විතරක් තිබුනත් කිලෝමීටරයක් වුනත් කොන්ක්‍රිට් නැත්නම් කාපට් කරනවා.