
(අමදෝරු අමරජීව )
ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූදීන් මහතා විහාරාධිකාරී හිමියන්ට අද (19) නියෝග කළේය.
ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල්. අජිත් කුමාර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඩබ්.ජී.එස්.කේ. සමරසිංහ යන මහත්වරු ඉදිරිපත් කළ බි වාර්තාව සැලකිල්ලට මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ත්‍රිකුණාමලය ඩච් බේ වෙරල තීරයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිකාරී හිමි තාවකාලික ගොඩනැගිල්ලක් ඉදිකරන බවට වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් පොලිසිය මෙම බී වාර්තාව ඉදිරිපත් කර තිබුණි.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා අදාළ ඉදිකිරීම් හා සිදුකළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 26 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරාය පොලිසියට නියම කෙරිණි .
මේ අතර අදාළ අධිකරණ නියෝගයේ පිටපත් රෝහල්ගත වී සිටින විහාරාධිකාරී හිමිට හා දායක සභාවේ ලේකම්වරයාට භාරදීමට පියවර ගෙන තිබුණි .
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක ලේකම්වරයාගෙන් ජනාධිපතිවරයා කැඳවා ඇති අතර සිද්ධිය වූ ස්ථානයට පැමිණි ත්‍රිකුණාමල පොලිස් අපරාධ පරීක්ෂණාගාරයේ පොලිස් කණ්ඩායමක් ආරක්ෂිත වැටක් කපා දැමීම සහ ඒ අවට විද්‍යාත්මක සාක්ෂි සටහන් කර ගැනීමට කටයුතු සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පූජාභූමි ඔප්පුවක් තියෙන ඉඩමක පංසලක ගොඩනැගිල්ලක් හදන්නත් බෞද්ධ විරෝධී ආණ්ඩුව පොලිසිය යොදවලා බාධා කරනවා.
මාලිමා ආණ්ඩුවේ පොලීසිය විසින් අධිකරණය නොමග යවලා තියෙන බවක් පේනවා. මේ ඉඩම විහාර දේවාලගම් පනත යටතේ ලියාපදිංචි කර තිබෙනවා. ඉඩමට ඔප්පුවක් තියෙනවා. මාලිමා ආන්ඩුව මේ දේම උතුරු නැගනහිර සියලුම පන්සල් වලට කරනවා අනිවාර්යෙන්. අවසානෙට බෞද්ධයාගේ මුදුන් මල්කඩ වන ජය ශ්රී මහ බෝධීන් වහන්සේවත් ඉවත් කරයි.
මේ වගේ පාණ්ඩුවෙක් බලයට ගෙනාපු එකට අපි අද පසුතැවෙනවා.
අපිට අත හරින්න කියලා බිම් අගළටත් මරා ගන්නා බුදු පූත්රයෝ දැක්කම මේ සසර දනව්වේ අපි අනාථ වෙලා වගෙයි දැනෙන්නෙ !
මේ වගේ ඒවට මාර ඉක්මනට වැඩ කටයුතු කරනවා. මජර ආණ්ඩුව.
කතා කරන්න දෙයක් නෑ. එළාර රට පාලනය කරනකොට එළුවො නඩු අහනවා.නැත්නම් කොට් නඩු අහනවා. සිංහල බෞද්ධ අයිතිවාසිකම් විනාශ කරන්න බලවේග එකට දීග කනවා. බෞද්ධයන් වැඩිකල් නිදාගෙන ඉන්නෙ නෑ.
21 වෙනිදා නුගේගොඩට එන්න රට වලපල්ලට ඇදලා දාමු.
හැම තැනම බුදු පිළිම හිටවන්න එපා අපේ හාමුදුරුවනේ .
පන්සලක් පල්ලියක් කෝවිලක් කොහේ තිබුනහම මොකද? ප්‍රදේශයේ ඉන්න ජන ගහනය අනුව ඒවා හදන්න ඕනේ කියල නියමයක් නැහැ නේද. මේවා සාමාන්‍ය ජනතාව ඇති කරන ප්‍රශ්ණ නොවේ නේද? මුලින් ආරවුලකට නොගොස් විසදගන්න තිබුන ගැටළු නේද? මේවගෙන් කිසිම දේසපාලන වාසියක් කාටවත් ලැබෙන්නෙත් නැහැ