
(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලය මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කිරීමට රුපියල් මිලියන 1074 ක මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ අනුව ලබන වසරේ අංග සම්පූර්ණ හදසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයක් රෝහලට ලබාදෙන බව ද අමාත්‍යවරයා කීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නවීන හෘද රෝග ඒකකයේ ඉදිකිරීමේ කටයුතු මේ වසරේ ආරම්භ කර වසර දෙකක් ඇතුලත එහි ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවැසීය.
ජපන් රජයේ සහන ණය ක්‍රමවේදයක් යටතේ අනුරාධපුර, කුරුණෑගල, මහනුවර, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන මහ රෝහල් වලට අති නවීන පහසුකම් සහිත හෘද රෝග ඒකක ලබාදීමේ ව්‍යාපෘති නැවත ආරම්භ කර ඇතැයි ද අමාත්‍යවරයා කීය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කීවේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ පාලන අධිකාරිය සමඟ පැවැති සාකච්ඡාවකදීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුතු සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන බවත්,අප ජල හා අපද්‍රව්‍ය කළමනාකරණ ඒකක සඳහා රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කීය.

2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1528
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ත්‍රි’මලේ රෝහලට හොඳ කලක් යයි