(රංජන් කස්තුරි)
බන්දුල ගුණවර්ධන මහතාට අයත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන , තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයට අයත්ව තිබූ සියලුම තොරතුරු තාක්ෂණ උද්‍යාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
ඒ අනුව බන්දුල ගුණවර්ධන මහතාගේ එම ආයතන ඉවත් කිරීමෙන් පසුව ඔහුගේ අමාත්‍යාංශයේ තොරතුරු සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස නම් කර තිබේ.
ඒ අනුව මින් ඉදිරියට තොරතුරු තාක්ෂණ හා සන්නිවේදනය ප්‍රවර්ධනය සඳහා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මින් ඉදිරියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්. බන්දුල වගේ ඇමති කෙනෙක්ට තොරතුරු තාක්ෂනය ගැන කුසලතා නෑ. අදාල දේට හරි පුද්ගලයෝ යොදන්න ඕන
මේකට ඇමති කෙනෙක් නැහැ හැබැයි නීති විරෝධීව පත් කල ලේකම් කෙනෙක් ඉන්නවා.
යන පාර පැහැදිලි වෙමින් තිබේ.
අයියෝ... ආපු ගමන් කට ලෙව කකා හිටියා නේද පරිගණක ටිකක් ගෙනල්ල හොඳ කොමිස් එකක් ගහගන්න. වැඩේ හබක්... අත ලෙව කන්න තමයි වෙන්නේ..
රටෙ ආරක්ෂක ඇමති කවුද?
අමාත්‍යාංශවල පොත්ත පමණක් ඇමතිට මදය රාජපක්ෂවරුන්ට 2015 ට කලින් වගේමයි. වෙනස සැපයි විද්යාත්මකයි.
රුපියල් 2500 මාසයක් ගත කරන විදිය දන්නවා. තව තව බොහෝ දේවල් ඒත් කමකට නැති දේවල් විතරයි. ටියුෂන් දීල තියෙන්නෙත් බොරුම තමා. නැතිනම් මෙතරම් වාණිජ වේදියෝ ඉන්න රටක ව්‍යාපාර කඩාවැටෙන්න හේතුවක් නැහැ නේද?
මම බන්ධුල ගුණවර්ධන නමැති විශිෂ්ට ගුරුතුමාගෙන් අධ්‍යාපනය හදාරා හෝ ගුරුහරුකම් ලබා නොමැත. එහෙත් එතුමා ආර්ථික ව්ද්‍යාව නමැති විෂය පිලිබදව ලියු සියලු පොත් පත් සහ ලිපි පරිහරණය කලෙමි. මෙරට සිසු පරපුර වෙනුවෙන් එතුමා කල උදාර සේවයට, ආර්ථික ව්ද්‍යාව නමැති විෂය ධාරාව පිළිබඳව එතුමා සතු න්‍යායාත්මක සහ ප්‍රයෝගික දැනුම සහ කුසලතාවයන්ට කිසිවෙකු හෝ ගරහනවාට මම තරයේ විරුද්ධ වෙමි. දේශ පාලනය පිලිබදව කතාබහේදී මෙතුමාගේ ගුරු භූමිකාවට අවමන් නොකරන මෙන් සියලුදෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
තටු කැපීම ඇරඹුණු වගයි!!!
හරිම අපබ්බ්‍රංශ වැඩක්නේ?
නියමයි. ආරක්ෂක ඇමැති කෙනෙක් නෑ. ඒත් තීරණාත්මක ආයතන ඔක්කොම නැති අමාත්‍යාංශය යටතට... එන්නේ මොකාටද කියලා හිතන්න පුළුවන්.
සෙනෙවිරත්නට තියෙන්නේ රාජපක්ෂ භීතිකාව නමැති රෝගයයි. පුද්ගලයා නොව කාර්යය ගැන සිතන්න පුරුදු වෙන්න. මේ ඔක්කොම එක්කෙනෙක් කළත් කමක් නැහැ වැඩේ හරියට කරනවා නම්...
කෝ මේ වියත් මගේ අය? මොනවද හම්බ වෙන්නේ ඒ අයට? අන්තිමට පවුලේ වියත්තු ඔක්කොම බදාගනී මහා මැතිවරණයෙන් පස්සේ... වෙනස සැපද...?