
(අංජුල මහික වීරරත්න)
තැපෑල තව දුරටත් භාණ්ඩාගාරයට බරක් විය යුතු නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයකයන් ලෙස තෝරා ගත් 731 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී මෙම උත්සවය පැවැත්විණි.
2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථිර තැපැල් සහයක බඳවාගැනීම් සිදුකර නොමැති අතර ඒ හේතුවෙන් පසුගිය වර්ෂය අවසානය වන විට තැපැල් දෙපාර්තුමේන්තුවේ තැපැල් සහයක පුරප්පාඩු 1982 ක් පැවතිණි.
එවන් පුරප්පාඩු සංඛ්‍යාවක් සමඟ දෙපාර්තුමේන්තුවේ කටයුතු පවත්වා ගෙන යාම දැඩි අර්බුධකාරී තත්වයක් මතු වු අතර එයට විසඳුමක් ලෙස අදාල පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1000 ක් බඳවා ගැනීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීම පරිදි 2025 අගෝස්තු 19 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචි වී සිටි නිසි සුදුසුකම් සම්පුර්ණ කළ පිරිස අතරින් ඉහත 731 දෙනෙකු මෙලෙස බඳවා ගැනීම සඳහා තෝරාගනු ලැබීය.
තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කීවේ බඳවා ගැනීම් සියල්ල සිදු කරනුයේ සියලු සේවාවන් කඩිනමින් සපයා ජනතාවගේ විශ්වාසය දිනාගෙන, ආදායම් තත්ත්වය ඉහළ නන්වා ගනිමින් භාණ්ඩාගාරයට වැය බරක් නොවී තැපෑල අමතර ආදායමක් එක් කරනු ලබන තැනක් බවට පත් කර ගැනීමට බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 40 වඩා කාලයක් හැම රජයකින්ම කරන්න හදපු සියලුම දෙයට විරුද්ධව වර්ජනය කරලා නිකං ඉඳන් කන මානසිකත්වයට රාජ්‍ය සේවකයින් ගෙනාපු අයත් ඔය දැන් තියන රටට බරක් තත්ත්වයට වග කියන්න ඕනෑ. ඒ කරපු වර්ජන නිසාත් අපේ රට සෑහෙන්න පස්සට ගියා.