අනීෂා මානගේ
තංගල්ල නගර සභාවේ ලේකම්වරයාගේ ක්රියාකලාපය හේතුවෙන් ඔහු පිළිබදව විශ්වාසය කඩ වී ඇතැයිද මේ හේතුවෙන් නගර සභාවේ පරිපාලන කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වී ඇති අතර ඔහු එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී අනිල් සෙල්ලාහැන්නදි මහතා යෝජනා ඉදිරිපත් කළ අතර එම යෝජනාව සම්මත කිරීම සම්බන්ධයෙන් සභාවේ මන්ත්රීවරු අතර පැවැති ඡන්දය වැඩි ඡන්ද දෙකකින් අද (18) තංගල්ල නරසභාවේදී සම්මත විය.
පොදුජන පෙරමුණෙහි මන්ත්රීවරු 7 දෙනාත් යෝජනාව ඉදිරිපත් කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනිල් සෙල්ලාහැන්නදි මන්ත්රීවරයාත් යෝජනාවට පක්ෂවද, සභාපතිවරයා ඇතුළුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරු හය දෙනෙකු යෝජනාවට විපක්ෂවද ඡන්දය ප්රකාශ කළහ.
ජනතා විමුක්ති පෙරමුණ මන්ත්රීවරු දෙදෙනාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අරලිය එරන්දිම මන්ත්රීවරයාත්, එක්සත් ජාතික පක්ෂයේ ගනේෂ් ප්රියංකර මන්ත්රීවරයාත් ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරිපාලන කටයුතු දේශපාලකයන්ගේ වුවමනා එපාකම් අනුව නොකෙරෙන්න ඇති... අට පාස් නැති දේශපාලකයන්ට වුවමනා රටට හෙන ගැහැව්වත් බඩ වඩා ගැනීම විතරයි. හරි තදින්ම නීතිය ක්රියාත්මක කරන නිලධාරියෙක්ව පත්කරන්න...