(ජයරත්න වික්‍රමාරච්චි)
ප්‍රවාහණ බලපත්‍රයක් නැතිව තේක්ක දව කඳන් තොගයක් වෑන් රථයකින් ප්‍රවාහණය කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනකු එම දැව තොගය සහිත වෑන් රථය හා යතුරු පැදියක්ද සමග සැකපිට අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරි කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් අද අලුයම වනාතවිල්ලුව ප්‍රදේශයට අයත්මයිලන්කුලම ප්‍රදීපාගම ප්‍රදේශයේ මුර සංචාරයක යෙදී සිටියදී මෙම වැටළීම සිදුකර තිබේ.
මෙහිදී අත් අඩංගුවට ගත් දැව තොගයට දිගින් අඩි 4,5,6,7, ආදී ප්‍රමාණවල තේක්ක දැවකඳන් 48ක් අයත්ව තිබූ බවත්, සැකකරුවන් එම දැව තොගය ප්‍රදීපාගම ප්‍රදේශයේ සිට පුත්තලම මානාවේරිය ප්‍රදේශයේ දැව මඩුවකට රැගෙන යමින් තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් වනජීවී සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තේක්ක කඳන් සමග හතරක් මාට්ටු