
(සුජිත් හේවාජුලිගේ)
රටේ විදේශ විනිමය අර්බුදයට විසඳුම් සෙවීම සහ පවතින විදේශීය මුදල් සංචිත ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වත්මන් තත්ත්වය හමුවේ විදේශ මුදල් පරිහරණය ඉතාමත් වගකීම් සහගත සහ ක්‍රමවත් කළමනාකරණයකින් යුතුව කළ යුතු බවයි.
ආනයන මත බෙහෙවින් යැපෙන ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට විදේශ විනිමය සුරක්ෂිත කරගැනීම අතිශය අසීරු මෙන්ම අභියෝගාත්මක කාර්යයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සීමා කිරීමට සිදුවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා , එලෙස සීමා කළ හැකි දෑ මොනවාද යන්න පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
පුද්ගලයකුට අත්‍යවශ්‍ය නොවන යමක් තවත් කෙනෙකුට අත්‍යවශ්‍ය විය හැකි බැවින් මේ පිළිබඳව ඉතා කල්පනාකාරීව සිතා බැලිය යුතු බව ඔහු පැවසීය.
රටේ සමස්ත ඩොලර් සංචිතයෙන් වැඩි කොටසක් වැයවන්නේ ඉන්ධන සහ මෝටර් රථ වාහන මෙරටට ගෙන්වීම සඳහා බවත් ඉන්ධන ආනයනය නතර කිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බැවින්, පියවරක් ලෙස වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වුවද, එය සහමුලින්ම තහනම් කළහොත් දැඩි උත්සාහයකින් යළි හිස ඔසවමින් පවතින වාහන වෙළෙඳපොළ ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් , මීට විකල්ප සහ සාධාරණ තීරණයකට එළඹිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, වාහන ආනයන අධෛර්යමත් කිරීමේ අරමුණින් විශේෂ අධිභාරයක් පැනවීමටත්, එම පියවර ඉදිරි මාස තුනක කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd