IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඩෙලෝ එක් තෙල් මාරුවකින් කි.මී. 30,000ක්

ෂෙව්රොන් ලු‍බ්රිකන්ට්ස් ලංකා සමාගම නිෂ්පාදන සංවර්ධන හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත්විය. එනම් ෂෙව්රොන් ලු‍බ්රිකන්ස් හි ඩෙලෝ (delo) ලිහිසි තෙල්, අධි බල ඩීසල් එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් ළඟාකර ගැනීමට සමත්වීමත් සමගය.

ප්‍රමුඛතම භාණ්ඩ ප්‍රවාහන සේවා ආයතන වන Freight Link සහ Auto Ezone සම්බන්ධ කරගනිමින් 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකාව තුළ මෙම පර්යේෂණ අත්හදා බැලීම සිදුකරන ලදී. එනම්, ඩෙලෝ ලිහිසි තෙල් යෙදූ වාහන සති දෙකකට වරක් පරීක්ෂා කරමින්, එම පර්යේෂණ සාම්පල සිංගප්පූරුවේ පර්යේෂණාගාරයක් හරහා තහවුරු කරගත් අතර, එහිදී සිදු කරන ලද පරීක්ෂණ වාර දෙකකදීම එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් ලබාගත හැකි බව පෙනීගොස් තිබේ. එන්ජින් කොටස් සඳහා ආරක්ෂාව සැලසීමේ අරමුණින්, ඉහළ ක්‍රියාකාරීත්වයෙන් යුත් අතිරේක යෙදුම් පවා එක් කළ උසස්ම තත්ත්වයේ ලිහිසි තෙල් රැගත් නිෂ්පාදන මෙසේ ඩෙලෝ සන්නාමය යටතේ හඳුන්වා දී ඇති අතර, එම නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ දී ISOSYN තාක්ෂණය ද භාවිත කර තිබේ. ඒ හරහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. 30,000ක ධාවන දුර ප්‍රමාණයක් ලබාදී ඇත්තේ, එන්ජිමට වැඩි ආරක්ෂාවක්, විශ්වාසයක්, කල්පැවැත්මක් සහ ඉතිරියක් ද එක් කරමිනි.

මෙම තාක්ෂණික වැඩිදියුණු කිරීමත් සමඟ සියයට 17ක් දක්වා ප්‍රතිශතයකින් වාහන නඩත්තු, සේවා සහ මෙහෙයුම් පිරිවැය අවම කරගැනීමට ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම් ආයතනවලට අවස්ථාව සැලසී තිබේ.

“අපි සෑම විටම අපගේ පාරිභෝගිකයන්ට හොඳම නිෂ්පාදන පිරිනමමින්, ඔවුන්ට තම වාහන ආරක්ෂා කරගැනීමටත්, ඒ හරහා උපරිම ප්‍රතිලාභ ලබාගැනීමටත් අවකාශ සලසා දීමට කටයුතු කරනවා. එහිදී විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහන මෙහෙයුම්කරුවන්ට ඇති ප්‍රශ්න පිළිබඳව අපි හොඳින් දැනුවත්. එනිසාම එම ගැටලු‍ විසඳීම සඳහා අපි දැඩි ප්‍රයත්නයක් යොදා තිබෙනවා. මෙම කර්මාන්තය වෙනුවෙන් සහාය දැක්වීමට සම්පූර්ණයෙන්ම කැපවෙමින් භාණ්ඩ ප්‍රවාහන සේවා කර්මාන්තයට අංගසම්පූර්ණ විසඳුම් සම්පාදකයකු ලෙස ක්‍රියා කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ යටතේ අඛණ්ඩ සේවා, නිසි පුහුණු අවස්ථා මෙන්ම ක්ලවුඩ් පදනම් කරගත් ලොජිස්ටික් සේවා සපයමින් එම කර්මාන්තය ඉහළට ඔසවා තැබීම අපේ අභිලාෂයයි” යනුවෙන් ෂෙව්රොන් ලු‍බ්රිකන්ට්ස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී නජාම් ෂම්සුදීන් මහතා පැවසීය.

ඩෙලෝ හඳුන්වාදෙන තාක්ෂණික වැඩිදියුණු කිරීම්වල තවත් පියවරක් වශයෙන්, ඩෙලෝ නිෂ්පාදන භාවිතයෙන් ලබාගත හැකි පිරිවැය ප්‍රතිලාභය ගණනය කිරීමේ උපාංගයක් ද හඳුන්වා දී ඇත. https://chevron.lk/ delo-benifit-calculator/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම පිරිවැය ප්‍රතිලාභ ගණන පහසුකමට පිවිසිය හැක.



අදහස් (0)

ඩෙලෝ එක් තෙල් මාරුවකින් කි.මී. 30,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 350 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site