IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඩීමෝ වෙතින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා

කොරෝනා වසංගතයෙන් බලපෑමට ලක්වූ දේශීය ආර්ථිකය නැවත ගොඩනැංවීමේ අරමුණින්, සිය සමාගම් සමූහයේ ඉංජිනේරු විසඳුම් අංශය වනDIMO TECH හරහා කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා ලබාදීමට තීරණය කර ඇතැයි ඩිමෝ සමාගම සඳහන් කරයි.

DIMO TECH විසින් ඉංජිනේරු විසඳුම් ලබා දෙන අංශවල සිටින සියලු‍ම කර්මාන්තකරුවන් සඳහා මෙම අවස්ථාව ලබා දී ඇත. මේ තුළින් කර්මාන්තකරුවන් සඳහා පළපුරුදු වෘත්තීය කණ්ඩායම් හරහා නොමිලේ තාක්ෂණික පරීක්‍ෂණ සිදුකර ගැනීමට අවස්ථාව හිමි වේ. මෙම වැඩසටහන් හරහා කාර්මික උපකරණ නිසි පරිදි නඩත්තු කිරීම සඳහා අවශ්‍ය මඟ පෙන්වීම්ද ලබාදෙනු ඇත. රෝහල් සහ සංචාරක (හෝටල්) යන අංශවල කාර්යක්‍ෂම ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා ඩීමෝ සමාගම දැනටමත් සිය ඉංජිනේරු සේවා මෙම අංශ දක්වා ද ව්‍යාප්ත කර ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත බණ්ඩාර මහතා මෙසේ පැවැසීය. “සෑම ව්‍යාපාරයකම කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ කාර්යයේදී ඉංජිනේරු සේවා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. එලෙසම ඕනෑම ව්‍යාපාරයක කාර්යක්‍ෂමතාව සහතික කිරීම සඳහා යන්ත්‍රෝපකරණ අඛණ්ඩව නඩත්තු කිරීම ඉතා වැදගත් වෙනවා. අපගේ සේවා හරහා අප උත්සාහ කරන්නේ මෙම කර්මාන්තකරුවන්ගේ ව්‍යාපාර සංවර්ධනය සඳහා අවශ්‍ය ඉංජිනේරු සේවා සහය ලබාදීමටයි. වසංගතය හේතුවෙන් අඩපණ වූ ආර්ථිකය ගොඩනැංවීම උදෙසා මෙය ඉවහල් වන අතරම, කර්මාන්තකරුවන්ට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ඉදිරියේදීත් ලබාදීමට ඩීමෝ අප කැපවෙමින් කටයුතු කරනවා”‍.

 



අදහස් (0)

ඩීමෝ වෙතින් කර්මාන්තකරුවන්ට නොමිලේ තාක්ෂණික පරීක්ෂණ සේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 351 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site