
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඉකුත් සිකුරාදා(13) දිනයේදී මෙම වෛද්‍ය පරීක්ෂණය සිදු කළ බව ඊයේ(15) පැවති මාධ්‍ය හමුවකදී ඇමෙරිකානු ජනපතිවරයා පැවසීය.
'බ්‍රසීල ජනපති සමඟ භෝජන සංග්‍රහයක් පවත්වා සතියක් ගතවූ නමුත් ජනපතිවරයා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවෙනවා. පසුගිය දිනවලදී ජනපතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පෙනී සිටීමට ඔහු කැමැත්ත පළ කළා' යැයි ජනපති මාධ්‍ය ලේකම් ස්ටෙෆනි මහත්මිය පැවසූවාය.
ධවල මන්දිරයට සිකුරාදා දිනයේ පැමිණීමට පෙරද තම උෂ්ණත්වය සටහන් කරගත් බවද, එය සාමාන්‍ය තත්වයේ තිබූ බවද ඇමෙරිකානු ජනපති පැවසීය.
මාධ්‍ය විසින් ගෙන යන කලබල සහිත තත්වය හේතුවෙන් තමන් පරීක්ෂණයට පෙනී සිටි බවද ඇමෙරිකානු ජනපති වැඩිදුරටත් සඳහන් කළේය.
(සීඑන්එන් ඇසුරිනි)
16844

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ජිව අවියක්. මෙයාලා මේක චීනෙට යවන්න කලින්ම ප්‍රතිජීවක එන්නත් විදගන්න ඇති.
කොරෝනා වැළඳුනු බොහෝ රටවල නායකයන් පහුගිය දවස්වල ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ අය මුණ ගැහිලා තියෙනවා. කොරෝනා ටෙස්ට් කරන්නේ නැතුව ට්‍රම්ප් ගොඩක් දවස් කල් දදා ඉඳලා ඉතාම වැරදි ආදර්ශයක් දුන්නේ ලෝකෙටම. ඒ අතින් අනිත් රටවල නායකයෝ, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ වෙනත් රටවල නායකයෝ සහ ප්‍රධාන පෙළේ ලෝක දේශපාලකයෝ තමන්ගේ කැමැත්තෙන් දින 14 ක් නිරෝධායනයකට ලක් වෙද්දී, ට්‍රම්ප් එහෙම කරන්නේ නැතුව මඟ හරිමින් හිටිය එක හුඟක් සැක සහිතයි. කොරෝනා ගැන ලෝකයාම කතා කරපු ජනවාරි මුල්ම කාලෙදිම මෙතනට ලිව්වා වගේ චීනෙට කොරෝන පතුරුවන්න මුල් වුනේ ඇමරිකාව. හැබැයි දැන් ඒක බූමරංගයක් වෙලා තියෙනවා. ඇමරිකාවේ බොහෝ මිනිස්සු මැරිලා තියෙනව සහ මැරෙනවා. හැබයි ඒ දත්ත මුකුත් එලියට දෙන්නේ නැහැ. හංගනවා. චීනය අහනව වගේ මුළු ලෝකයාම ඇමරිකන් මෙගලෝමේනියක් ජනාධිපතිගෙන් අහන්න ඕනේ කොරෝනා වයිරසය හදල ටෙස්ට් කරපු පලවෙනි රෝගියා හෙවත් "පළවෙනි කොරෝනා බිලි බෝයි" කවුද කියලා.