IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් දැවැන්ත ආයෝජනයක්

සියයට 90ක් දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන මැක්ටයිල්ස් මෙරට ටයිල් අංශයෙන් ස්වයං පෝෂණය කිරීම සඳහා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇත. සෞභාගයේ දැක්ම සංකල්පය අනුව යමින් විදේශ විනිමය භාණ්ඩ ආනයනය සඳහා අවභාවිතා නොකොට දේශීයව ස්වයං පෝෂණය විය යුතුය යන උදාර සංකල්පය යටතේ ටයිල් නිෂ්පාදනයේ නවතම සාමාජිකයා වන මැක්ටයිල්ස් ආයතනය මෙම දේශීය කර්මාන්තයේ පුනරුදයට සහභාගී වී ඇත.

දැනට 50% - 60% දක්වා දේශීය කර්මාන්තකරුවන් අප රටේ ඉල්ලු‍ම සපුරාලන අතර මෑතක් වන තුරු දේශීය වෙළෙඳපොළේ ඉල්ලු‍ම සපයනු ලැබුවේ ආනයනය කරන ලද ටයිල්වලිනි. අනාගතයේ දී මැක්ටයිල්ස් ආයතනය සහ ටයිල් නිෂ්පාදනයට එළැඹි නව කර්මාන්ත ආරම්භ කිරීමට දැවැන්ත මුදල් ආයෝජනය කරමින් තවත් දේශීය ව්‍යවසායකයන් ලහි ලහියේ වැඩ ආරම්භ කර සිටී. මැක්ටයිල්ස් ආයතනය නුදුරු අනාගතයේ දී ධාරිතාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට බලාපොරොත්තු වන අතර එය සඳහා අවශ්‍ය කරන නවීනතම යන්ත්‍රෝපකරණ ඉතාලියේ SACMI සමාගම සහ Systems සමාගමෙන් ඇණවුම් කර ඇතැයි ටයිල් නිෂ්පාදනය පිළිබද, ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම තාක්ෂණික විද්‍යාඥයකු වන මැක්ටයිල්ස් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රධානියා වන රන්ජිත් මුනමල්පේ මහතා පැවසීය. ඒ මහතා මැලේසියාව, ඉන්දුනීසියාව, චීනය සහ වියට්නාමයේ ටයිල් නිෂ්පාදනය හදාරන ලද ශ්‍රී ලාංකිකයෙකි. ඉතාලිය, ස්පාඤ්ඤය වැනි ටයිල් නිෂ්පාදනයේ හිනිපෙත්තටම සංවර්ධනය වී ඇති රටවල්වල නිපදවනු ලබන ටයිල්වලට සමානව හෝ ඊටත් වඩා අනර්ඝ තත්ත්වයේ ටයිල්ස් අපගේ රටේ නිෂ්පාදනය කළ හැකි බව ඒ මහතා පැවසීය.

මෑත කාලීනව රටේ ටයිල් හිඟයක් පැවතුන ද නුදුරු අනාගතයේ දී අපගේ දැනට ඇති දේශීය නිෂ්පාදන හා නවක ව්‍යවසායකයන් මෙම කර්මාන්තයට එකතු වීමත් සමග මෙම තත්ත්වය වෙනස්වන බව සහ 2022 වසරේදී මැක්ටයිල්ස් ආයතනය තමන්ගේ නිෂ්පාදන අපනයන වෙළඳ පොළට ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව මැක්ටයිල්ස් ආයතනයේ විධායක මෙහෙයුම් නිලධාරී අහමඩ් ශාෆි මහතා විශ්වාසයෙන් යුතුව ප්‍රකාශ කළේය.

අඩසිය වසරක් දේශීය කර්මාන්තයේ යෙදී සිටිමින් ගොඩනැගිලි අංශයේ ප්‍රමුඛයකු වන මැක්සන්ස් සමුහ ව්‍යාපාරයේ අනුබද්ධිත ආයතනයක් වන මැක්ටයිල්ස් සමාගම අපගේ දේශීය නිෂ්පාදන දේශීය පාරිභෝගිකයාට ඉදිරිපත් කරන්නේ ඔවුන්ට දැරිය හැකි සාධාරණ මිලකටය. මෙය සම්බන්ධයෙන් අපගේ පුවත්පත් දැන්වීම්වල මිල ගණන් ද සඳහන් කර දැන්වීම් මාලාවක් අපි සතිපතා පළ කරනු ඇත. අපගේ ධාරිතාව අනාගතයේ වැඩිවීමත් සමග දැනට පවතින මිල ගණන් තවදුරටත් අඩු කිරීමට හැකි වනු ඇතැයි මැක්ටයිල්ස් ආයතනයේ සාමාන්‍යධිකාරී - (විකුණුම් හා අලෙවි) නිරෝෂන් පනන්වල මහතා පැවසීය.

 



අදහස් (0)

ටයිල් කර්මාන්තය දියුණු කිරීමට මැක්ටයිල්ස් දැවැන්ත ආයෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 127 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 584 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1016 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site