(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ බටඅත කෘෂි තාක්ෂණ උද්‍යානය ඉදිරිපිට දී අද (19) රාත්‍රී 9.00ට පමණ ටිපර් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ ගමන් කළ සිව්දෙනෙකු මියගොස් ඇතිබව හුංගම පොලිසිය පවසයි.
ටිපර් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයන් හුංගම ගුරුපොකුණ ප්‍රදේශයේ පදිංචි අය බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපතිතුමනි, මේක නම් අපේ රටට ලොකුම ප්‍රශ්නයක්... රිය අනතුරු අවම කරගන්න කුමන හෝ වැඩපිළිවෙලක් කඩිනම්ව යොදන්න. අහිංසක වටිනා ජීවිත ගොඩක් අකාලයේ නැතිවෙනවා. බස්රථ සහ ටිපර් බරවාහන ත්‍රිරෝද තමයි බහුලව අනතුරුවලට භාජනය වෙන්නේ. තරගය සහ නොසැලකිල්ල ප්‍රධාන හේතුවයි.
ටිපර් යන්න පුළුවන් උපරිම වේගය පැයට කිලෝ මීටර් 40. යන්නේ 80 ට... බස් යන්න පුළුවන් උපරිම වේගය 60 යි. යන්නේ 100 ට.. කිසිම පාලනයක් නැහැ. අහිංසක මිනිස්සු කොච්චර කියලා මැරෙනවද? වගේවගක් නැහැ කිසිම කෙනෙකුට...