(විනීතා එම් ගමගේ)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථවල ප්‍රවේශපත් නිකුත් නොකර මුදල් අය කිරීම නිසා දිනකට රුපියල් කෝටියකට ආසන්න මුදලක් මණ්ඩලයට අහිමි වෙතැයි එහි සභාපති නීතිඥ කිස්ංලි රණවක මහතා අද (2) පැවසීය.
සාමාන්‍යයෙන් දිනකට රුපියල් ලක්ෂයකට වඩා මුදලක් මෙසේ වංචා වෙතැයි ගණන් බලා ඇති බවත් ඒ අනුව ඩිපෝ 109 ක් කෝටියකට ආසන්න මුදලක් අහිමි වන මණ්ඩලයට අහිමි වන බවත් රණවක මහතා කීය.
ටිකට් පත් ලබා නොදීමෙන් සිදුකරන මෙම වංචාවට තවත් නිලධාරින් පිරිසකගේ සහය ලැබී ඇතැයි පැවසූ සභාපතිවරයා මෙම වංචාව වළක්වාලීමේ ඉක්මන් ක්‍රියාමාර්ග සැකසූ බව ද කියා සිටියේය.
ටිකට් පරික්ෂකවරුන්ගේ සේවාවට අමතරව තම අධීක්ෂණය යටතේ විශේෂ වැටලීම් ඒකකයක් ආරම්භ කරන බවත් මෙම වංචාව මැඩලීමට මගී ජනතාවගේ සහය බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.
ඉදිරියේ දී මෙම ඒකකය විසින් තැන තැන වැටලීම් සිදුකිරීමට නියමිත යැයි ද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංගම බස් රථයක ටිකට්පත් ලබා නොදීමේ සිද්ධියක් ඇත්නම් වහා 0117555555 අංකය අමතා ඒ බව දැනුම් දෙන්නැයි හෙතෙම මගී ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දොස්තරලට තියන සැප පහසුවට ජීවත් වීමේ අයිතිය කොන්දොස්තරලාටත් තිබෙන එකේ කිසිම වරදක් නැහැ. දෙගොල්ලොම දෙවිදිහකට මහජනතාවගේ මුදල් මංකොල්ල කන එකනේ කරන්නේ? එලෙස සංසන්දනය කරන විට, විට පෞද්ගලික අංශයේ නීත්‍යනුකුල නොවන පදනම මත දොස්තරලා මේ රටට අහිමි කරන දිනකට ගෙවිය යුතු බදු මුදල රුපියල් කෝටි විස්සකට වඩා වැඩියි. ඒවා ගැන කිසිවෙක් කතා නොකරන්නේ, දොස්තර ටයි පටියට ඇති බිය නිසාද?
ඕක ඉතින් අලුත් දෙයක්ද? හැම කොන්දොස්තරම ඔයවගේ වැඩ කරන්නේ නැහැ. බස් ජනසතු කරන්න පෙර නම් "ටිකට් චෙකර්" කියා නිලධාරීන් පිරිසක් හිටියා. ඔවුන් බස් වලට අතරමගදී ගොඩවී මගීන්ගේ ටිකට් සමග ටිකට් ලියන පොත ගෙන නියම අන්දමට පරික්ෂා කරා. ඒ දවස්වල මේ වගේ විච්චුරන ටිකට්, බස්වල නිකුත් කරේ නැතිබව වැඩිහිටියන්ට තවම මතකලු. කාබන් කොලයක් තබා මගියා ගොඩ වුන ස්ථානය සහ බසින ස්ථානය සමග ගාස්තුව ලියන ටිකට් එකක් "අංග විකල කිරීම" එතරම් පහසුත් නැත. දැන් ලංගම බස්වල විවිධ අන්දමට ටිකට් "නිකුත්කරන" නිසා පරීක්ෂකයන්ට උනත් වංචා අල්ලා ගැනීම පහසු නැත.
ඒ කියන්නේ දවසකට කෝටියක් කාගේ හරි සාක්කුවට වැටෙනවා කියන එකම නේද ?
කාගේද වරද අපේද ?
මේ කතාව සම්පූර්ණ ඇත. ගාන ඔයිටත් වැඩිවෙන්න පුළුවන්. දුර ගමන් සේවා බස් රථවල තමයි වැඩියනේම සිද්ධ වෙන්නෙ. තවත් කටකතාවක් තියෙනව සමහර ලංගම බස් රථවල කොස්දොස්තර හා රියැදුරා පුද්ගලික බස් රථවලින් කප්පන් අරන් තමන්ගෙ බස් රථවලට මගීන් නොගෙන යනව කියලා මේවත් ඇත්තද කියල හොයලා බැලිය යුතුයි.
මෙය සිදුවන්නේ බොහොම ගම් පළාත්වල. ටවුන් බද පලාත්වල අඩුයි.
කිරිඳිවැල ඩිපෝවේ කොළොඹ යන බස් වල මගින් ගොඩවෙන අයට රාත්‍රියට ටිකට් දෙන්නෙම නෑ.
ලංගමය පාඩු ලබන්න මේ වංචාත් ප්‍රධානම හේතුවක්. මේ සදහා අපේ සහාය ඔබතුමාට හිමිවෙනවා.
හිටිගමන් විශේෂ වැටලීම් කරන්න තියෙන්නේ. අනික ජීවත්වීමට සරිලන වැටුපක් ලැබෙනවානම් මේ විදියට මිනිස්සු හොරකම් කරන්න පුරුදුවෙන්නේ නෑ.
ඔන්න කරනවානම් වැඩ ටිකට් ගැනීමට පෙර ගෙවුම් හෝ පසු ගෙවුම් කාඩ් අනිවාර්ය කිරීම . එමගින් මෙවැනි වංචා 100% නැති කිරීමට ආමතරව මුදල් අංශයේ නිලධාරින් කීප දෙනෙකුට තවත් වැදගත් කාර්යකට යෙදවිය හැකිය.
කමල් කිව්ව විදිහට පෙරගෙවුම් හෝ පසුගෙවුම් කාඩ් අනිවාර්ය කිරීම කරන්න. පුද්ගලික සහ රජයේ බස්වලට... පොඩි ප්‍රශ්න එ්වි. නමුත් රටක් හැටියට ඉස්සරහට යන්න මේ දේවල් කරන්න වෙනවා...